
(නිමන්ති රණසිංහ සහ කේ ඩි දේවප්‍රිය )
කිරින්ද සිතුල්පව්වේ පරිවාර දාගැබක් වන ‘මඟුල් මහා සෑය’ නිධන් හොරු බිඳ දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කිරින්ද පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබ තිබේ.
මෙහි ප්‍රධාන අපරාධකරු ලෙස මේ වන විට හඳුනාගෙන සිටින ‘දෙබරවැව රුවන්’ නමැති නිදන් හොරකු සොයා මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි කිරින්ද පොලීසිය පවසයි.
පස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මෙම දාගැබ කඩා එහි නිදන් කර තිබූ පූජාවස්තු පැහැර ගැනීමට උත්සාහ කිරීමේදී ඉන් එක් අයෙක් යුද හමුදා නිලධාරියෙක් පොලීසියට භාරදී ඇතැයි ද සදහන් වෙයි.
මෙම අපරාධකරුවන් දැබැබේ ගර්භය බිඳ, එහි තැන්පත් කර තිබූ නිධන් වස්තු යම් ප්‍රමාණයක් සොරා ගෙන, බිඳ දැමූ කොටස ප්ලාස්ටර් පැරිස් යොදා වසා දමා නික්ම යන්නට උත්සාහ ගත් අවස්ථාව්දී යුද හමුදා නිලධාරියා සිද්ධිය දැක ප්‍රශ්න කිරීමේදී මෙම සැකකරු අල්ලා ගෙන ඇති අතර අනෙක් පිරිස පළා ගොස් ඇතැයි ද පොලීසිය පවසයි.
ඒ අනුව, මෙම සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනකු මේ වන විට කිරින්ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
සිතුල්පව්වේ ප්‍රධාන ස්ථූපය කාවන්තිස්ස රජු විසින් ඉදිකරනු ලැබ ඇති බව සලකන අතර පරිවාර දාගැබ් වසබ රජු දවස ඉදිකළ බව සැළකෙයි.
මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂාවක් ද ආරම්භ කර තිබේ.



2025 දෙසැම්බර් මස 18
242
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිධන් හොරු සිතුල්පව්ව මඟුල් මහා සෑය කඩති
SUNIL MILANO Wednesday, 01 September 2021 04:05 PM
මේ අපරාධකරුවන්ට රජකාලේ දඩුවම් දෙනන ඔනි
chandana Wednesday, 01 September 2021 04:26 PM
මේ ජාතික අපරාධයේ සාක්ෂියක් අල්ලාගත් හමුදා සෙබලාට ජාතියේ උපහාරය හිමිවිය යුතුය. ජාතික වශයෙන් වැදගත් යමක් වූයේ නම් ඒහි හමුදා පොලිස් විරුවකු අනිවාර්යයෙන්ම ඇත. ඒම වීරත්වය නුරුස්නා අය හමුදාවත් සාමාන්‍ය ජනතාවත් අතර විරසක ඇතිකිරීමට නොයෙකුත් උපක්‍රම යොදන බව ජනතාව තේරුම් ගත යුතුය.
කිරි පුතා Wednesday, 01 September 2021 06:20 PM
පව් කාරයින්. මෙලොවදිත් බොහෝ දුක් විඳ පරලොවදිත් දුගතියටම යනු ඇත.
mohomed agarapatana Wednesday, 01 September 2021 06:37 PM
ඔන්න දැන්මම කිව්වා මුස්ලිම් අපි සම්බන්ධ නැහැ ඕවට;
ගොබ්බසේන Thursday, 02 September 2021 12:11 PM
දැන් කාලේ පාලකයින්ට ඓතිහාසික කිසිවක්ම පේන්න බැරිහැටි... කාලෙකට ඉස්සෙල්ලා කුරුණෑගල රාජ සභා මණ්ඩපය කැඩුවා එකෙක් කිව්වා කඩපු එකාගේ මයිලක්වත් හොල්ලන්න දෙන්නේ නැහැ කියලා... මාස කීපයකට පෙර චීන්නු ලවා වැවක් හෑරෙව්වා. ඉන් පස්සේ පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත මංතීරු හදන්න ගත්තා.. මේක අනික හමුදා ආරක්ෂාව තියෙන තැනක කොහොමද චෛත්‍යයක් හාරලා නිධන්වස්තු කොල්ලකන්නේ..?