IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නිධන් හැරූ තිදෙදෙනෙක් අත්අඩංගුවට

(තුසිත කුමාර ද සිල්වා)

බේරුවල බුබුල වත්ව ඉපැරණි විහාරස්ථානයක් ඉදිරිපිට පාලු වත්තක නිධන් හාරමින් සිටි බව කියන සැකකාර පුද්ගලයන් ති දෙදෙනෙකු නිධන් හෑරීමට යොදාගත් උපකරණ සමග බේරුවල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අද (2) අත්අඩංගුවට ගත් බව කියයි.

මෙසේ නිදන් හාරා ඇත්තේ බේරුවල පොලිස් වසමට අයත් බුබුළ වත්ත ප්‍රදේශයේ රබර් වගාවක් සහිත පාළු පුද්ගලික ඉඩමක බව පොලිසිය කියයි .

මෙම ඉඩමේ හිමිකාර පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ පදිංචි අයකු බවත් එම ඉඩමේ මුරකරු වන සැකකාර පුද්ගලයා මෙහි මහ මොළකරු බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මුන්හේන, බුබුළ වත්ත, සහ රොක්ලන්ඩ් වත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් නිධන් හැරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු පලා ගොස් ඇති බවත් පොලීසිය එම ස්ථානය වැටලීමට පැය කීපයකට කලින් කිසියම් රසායනික ද්‍රව්‍යයක් යොදා එම ස්ථානයේ කළු ගලක් පුපුරවා හැර ඇතැයි ද පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි.

පලා ගොස් සිටින සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බවත් පොලිස් භාරයේ සිටින සැකකරුවන් තිදෙනා අද(2) කළුතර අධිකරණ යට ඉදිරිපත් කිරීමට නියමිත අතර නිධන් හෑරූ බව කියන භූමිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා අංශ වෙත දැනුවත්කර ඇතැයි ද පොලිසිය කියයි .



අදහස් (0)

නිධන් හැරූ තිදෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 42 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 338 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site