
(රංජිත් පද්මසිරි - සන්ඩේ ටයිම්ස්)
නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ අසත්‍ය චෝදනා සංසරණය වන බවට නීතිපති පාරින්ද රණසිංහ මහතා කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
සමාජ මාධ්‍ය තුළ තමන්ට අසත්‍ය චෝදනා එල්ල වන බවට නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් කීපදෙනෙකු නීතිපති පාරින්ද රණසිංහ මහතාට පැමිණිලි කිරීමෙන් පසුව නීතිපතිවරයා මෙලෙස විමර්ශනයක් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ. විශේෂයෙන් උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටින නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉලක්ක කරමින් මෙලෙස සමාජ මාධ්‍ය තුළ අසත්‍ය චෝදනා සංසරණය වන බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
තමිල් මක්කල් විඩුතල් පුලිගල් නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී, ඔහුට ඇප ලබා දීමට සහාය දුන් බවට සමාජ මාධ්‍ය සටහනක් මගින් නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට චෝදනා එල්ල කර තිබෙන බව ආරංචි මාර්ග පැවැසුවේය.
මූලික අයිතිවාසිකම් නඩුව විභාග කිරීමේදී ඇප ලබාදීමේ කාරණය සළකා බැලීමක් නොකළ බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. සමාජ මාධ්‍ය තුළ එල්ල වූ තවත් චෝදනාවක් වූයේ, වැඩ තහනමට ලක් වූ පොලිස් ප්‍රධානී දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධ නඩුවකදී, නීතිපතිවරයා විසින් දෙපාර්තමේන්තුව නියෝජනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු නොයවා ඒ සඳහා කනිෂ්ඨ නිලධාරියකු යවා ඇති බව යැයි ආරංචි මාර්ග පැවැසුවේය.
එම අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ඒ සඳහා යොමු කිරීමට නොසිටි බැවින් ඒ සඳහා කනිෂ්ඨ නිලධාරියකු යැවීමට සිදුවූ බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. මේ දක්වා නීතිපති දෙපාර්තමේන්තුව 600 කට වැඩි අධි චෝදනා ප්‍රමාණයක් මහාධිකරණයේ ගොනුකර ඇති මොහොතක මෙවැනි චෝදනා සමාජ මාධ්‍ය ඔස්සේ නීතිපති දෙපාර්තමේන්තුවට එල්ල වන බව ආරංචි මාර්ග පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු චෝදනා කරනවා නම් ඒ ජෙප්පෝ තමයි. බොරුවෙන් තොර ජීවිතයක් ඔවුන්ට නෑ...
නීතිපති එකට විරුද්ධවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වෙනම විමර්ෂණයක් පැවැත්විය යුතුයි. පිටරටක සිටින මගේ ඥාතියෙකුගේ ඉඩමක් වංචනිකව ලියා ගත්තු පුද්ගලයාට එරෙහිව වංචා විමර්ශනයක් සාර්ථකව සිදුකර අදාළ වංචනිකයා අත්අඩංගුවට ගැනීමට හරියටම දිනක් තිබියදී නීතිපති දෙපාර්තමේන්තුව පොලිසියේ නඩුව ඉල්ලා අස්කර ගත්තා. හේතුව තමයි අදාළ වංචනිකයා පහුගිය රජයේ හිටපු බදුල්ල පැත්තෙන් ආපු බඩ මහත තක්කඩි ඇමැති කෙනෙකුගේ ඥාතිපුතෙකු වීම. මහා අසාධාරණයක් අයුක්තියක් අපට වුනේ. නමුත් රටේ මහත් වාසනාවට නව ජනාධිපති තුමාගේ, ඇමැතිතුමාගේ පාලනය සහ අධීක්ෂණය යටතේ අපි ඉන් හොඳ යුක්ති සහගත සේවයක් අපේක්ෂා කරනවා.
ගින්නක් නැතිව දුමක් නගින්නේ නැති බව මේ අය දැනගත්තොත් හොඳයි...
අපෝ! නීතිපති ගැන නම් කතා කරලා වැඩක් නෑ! ආණ්ඩුව අන්තිමට මෙයාලාගේ හැමදේටම ජනතාවට උත්තර දෙන්න වේවි...!
ගොනු කරලා තියෙන නඩු 600න් කීයක් පසුව ඉල්ලා අස්කරගන්න බලාපොරොත්තු වෙනවාද?
තමුන් මේ තනතුර දරන්න සුදුස්සෙක් නොවෙයි කියලා රටේ ජනතාවගෙන් බහුතරයකට හැගෙනවා නම් දැනෙනවා නම් හොදම වැඩේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාළය නාස්ති කරන එක නොවෙයි කරන්න පුළුවන් කෙනෙකුට ඕක බාරදීලා ගෙදර යන එකයි.