
(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර කඩ දොළහ ප්‍රදේශයේදි හෙරොයින් මත්කුඩු ග්‍රැම් දෙකයි මිලි ග්‍රැම් තුන්සියක් සමග නීතිඥයෙකු අද (11) දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපු අධිකරණ සංකිර්ණයේ සේවයේ නිරත 42 හැවිරිදි නිතිඥවරයෙකි.
මෙම නිතිඥවරයා සන්තකයේ මත්කුඩු තිබෙන බවට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් අතර නිතිඥවරයා අධික ලෙස මත්කුඩුවලට ඇබබැහිවු අයෙකු බව පොලිසිය පැවසිය.
ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරන මහතාගේ උපදෙස් මත අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චමින්ද ගුණසේකර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සැකකරැවන් අත් අඩංගුවට ගෙන තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම අයගේ නීතීඥ ලෝගු ගලවා දමන්න ඕනේ.