(මනෝප්රිය ගුණසේකර )
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණයේදී 2019/2020 වර්ෂය සඳහා සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාද ලේකම්වරයා ලෙස නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතාද අද පැවැති නිලවරණයෙන් තේරී පත්විය.
2019/2020 වර්ෂය සඳහා සභාපතිවරයකු හා ලේකම්වරයකු තෝරා ගැනීම සඳහා කොළඹ ඇතුළු රටපුරා ඡන්ද මධස්ථාන 83කදී පැවැත්වූ ඡන්ද විමසීමේදී සෙසු තරඟකරුවන් පරාජයට පත් කරමින් ඔවුන් එම නිල සඳහා තේරී පත්විය.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මෙවර නිලවරණයේදී එහි සභාපති ධුරය සඳහා ජනාධිපති නීතීඥ ඉන්ද්‍රතිස්ස මහතා සහ නීතීඥ මහින්ද ලොකුගේ මහතාද ලේකම්ධුරය සඳහා කෞෂල්‍ය නවරත්න මහතා සහ නීතීඥ සමන් වැලිඅංග මහතාද තරඟ කළහ.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මෙවර නිලවරණයේ ප්‍රධාන තේරිම් බාර නිලධාරියා ලෙස සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කටයුතු කරන අතර කොළඹින් පිටස්තර ඡන්ද මධ්‍යස්ථාන 82 තේරිම් බාර නිලධාරීන් වශ්‍යයෙන් ඒ ඒ පළාත්වල දිසා විනිසුරුවරුන් කටයුතු කළ බවද නීතීඥ සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය.
නීතීඥ සංගමයේ නිලවරණය සඳහා ඡන්ද විමසීම අද පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා පැවැත්විණි.
අපේක්ෂකයන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව පහත දැක්වේ.
කාලිංග ඉන්ද්‍රතිස්ස 4702
මහින්ද ලොකුගේ 1346
කෞෂල්‍ය නවරත්න 5061
සමන් වැලිඅංග 898

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලිංග ඉන්දතිස්ස මහතා කියන්නේ දක්ෂ නීතීඥ මහතෙක්. උණුසුම් සුබපැතුම්!
ලංකා නීතීඥ සංගමයේ අලුත් නිලධාරී මඩුල්ලට අපගේ සුබ පැතුම්!! අවංක පුරවැසියන් හැටියට අප නව නිලධාරි මඩුල්ලෙන් කාරුණික ඉල්ලීම කිරීමට කැමැත්තෙමු. අපගේ මාතෘභූමිය වැටී ඇති අගාධයෙන් මිදීමට ඔබලාට වැදගත් යුතුකම් කීපයක් පැවරී ඇති බව පළමුව සඳහන් කරන්නෙමු. ඔබ සියල්ලන්ටම යම්කිසි සම්මුතියකට පැමිණීමට හැකිනම් රට විනාශ කරන කුඩුකාරයන් වෙනුවෙන් පෙනී නොසිටීමට, මොවුන් වෙනුවෙන් පෙනී නොසිටීමට, මහජන දේපොළ හොරාකන්නන් වෙනුවෙන් පෙනී නොසිටීමට එමගින් ඔබලා මෙලොවදීම පින් රැස්කර ගන්නේය. සරලව කියනවා නම් "මුදල් වෙනුවෙන්ම " අනාගත පරපුර විනාශ කරන කුඩ්ඩන්ව හොඳ මිනිසුන් ලෙස පෙන්වීමට තර්ක විතරක් නොකර සිටීමයි.
ජයෙන් ජය