
(ටී.කේ.ජී.කපිල )
රුපියල් පනස් දෙලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු විසින් සිය ගමන් මලු තුළ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක්අ ද(07) සහ ඊයේ (06) අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් සතු ගමන් මලු තුළ දුම්වැටි 52,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 262 ක් සගවා ගෙන තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් අතරින් එක් අයෙකු නිට්ටඹුව , රුක්ගහවිළ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ "මැන්චෙස්ටර්" වර්ගයේ දුම්වැටි කාටූන් 150 ක් සහ "ගෝල්ඩ් ලීෆ්" වර්ගයේ සහ "ප්ලැටිනම්" වර්ගයේ දුම්වැටි කාටූන් 06 බැගින් සගවා ගෙන තිබුණි .
අනෙක් සැකකරු තංගල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඔහු රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ " මැන්චෙස්ටර් " වර්ගයේ දුම්වැටි කාටූන් 100 ක් සගවා ගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd