(සිතුම් චතුරංග)
සෞඛ්‍ය මාර්ගෝපදේශ නොපිළිපදිමින් විවාහ මංගල්‍ය උත්සවයක් පැවැත්වූ වවුනියාව නගරයේ ප්‍රසිද්ධ හෝටලයකට මුද්‍ර තැබූ බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීකෂකවරුන් පවසයි.
මන්නාරම සහ වවුනියාව ප්‍රදේශයේ තරුණියක හා තරුණයකු විවාහ වීම සඳහා 15 දෙනකුගෙන් යුත් පිරිසකට සෞඛ්‍ය අංශ විසින් අවසර ලබාදී ඇති අතර හොටෙල් කළමනාකරු එම විවාහය උත්සවයට පුද්ගලයන් 50 කට අධික පිරිසකට සහභාගීවීමට ඉඩ සලස්වා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.
සෞඛ්‍ය මාර්ගෝපදේශ හා නිරෝධායන නීති උල්ලංගණය කිරීම හේතුවෙන් හෝටලය හා උත්සව ශාලාව නැවත දැණුම් දෙනතුරු මුද්‍රා තැබීමට පියවරගත් බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට පාටි දාපු ශැන්ග්‍රිලා එකට? එක රටක් එක නීතියක්? කොයි ඉන්නේ අර රට රකින අපේ විරුවා?
එතකොට අර ඔක්කොම කරපු ප්‍රසිද්ධ හෝටලේට මොකද වෙන්නේ...?
ඔය නීතිය කොළඹට වලංගු නැද්ද?
එතකොට ශැංග්‍රිලා එකට ඔය නීතිය නැද්ද? ඒක තමයි චමුදිත කිව්වේ නීති පොත් දෙකක් කියලා...
චමුදිත, ඔබ සඳහන් කළ නීති පොත් 02 ඇත.
අර මොකක්ද ගොන් පාර්ට් එකක් තිබ්බ කොළඹ තරු නැති "හැංගිලා" හෝටල් මඩුවට... මොකද සීල් නැත්තේ...? සීල් ගෙනත් නැද්ද නොඑසේ නම් සීල් තියලම ඉවර වෙලාද?
මේක තමයි රට කන විරුවා මුල ඉඳලාම කලේ. 20 උඩින්ම සම්මත කරගත්තා. පවුලේ නඩු ටික මාසෙන් අවලංගු කරවා ගත්තා. හැබැයි පාස්කු ප්‍රහාරය ගැන තාම තටමනවා. මේ වගේ අදක්ෂ කපටියෙක් රජ කාලේ වත් හිටියේ නෑ.
කොළඹ නීතියයි, වව්නියා නීතියයි එකිනෙකට වෙනස්...
බලාගෙන කොල්ලනේ... එපා කියද්දී සීනිබෝල කෑවොත් බඩ කපනවලු.
හොද වැඩේ
එතකොට පාටි දාපු ශැන්ග්‍රිලා එකට? එක රටක් එක නීතියක්? කොයි ඉන්නේ අර රට රකින අපේ විරුවා
ෂැන්ග්‍රිලා එක වහන්නේ නැත්ද?
මගුල් කෑ ඒවා විතරද වහන්නේ...? උපන් දින කෑ ඒවා වහන්නේ නැද්ද?
එතකොට පාටි දාපු ශැන්ග්‍රිලා එකට? එක රටක්... එක නීතියක්...
කවුරු කොහොම කිව්වත් මෙහෙම දේවල් වෙනවා