
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පනතේ කොන්දේසි සපුරා නැතිව නීතියට පිටින් ගෙනවිත් අැති වාහන ප්‍රති අපනයනය කිරීමට තීරණය කර ඇතැයි භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් දිලිප් සිල්වා මහතා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ප්‍රකාශ කළේය.
ආනයනය කරන ලද වාහන 1500ක් රේගු භාරයේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් එම කාරක සභාව විසින් රේගු ප්‍රධානීන්ගෙන් දීර්ඝව ප්‍රශ්න කෙරිණ.
මෙහිදී රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා එන්ජින් ධාරිතාව ගැන සොයාබැලීමට ජාත්‍යාන්තරව පිළිගත හැකි තාක්ෂණික ක්‍රමවේදයක් ඇත්දැයි රේගු නිලධාරින්ගෙන් ප්‍රශ්න කළේය.
මේ චෝදනාව එන්නේ ලොකුම සමාගමට විරුද්ධව බවත් මේවා චීනයේ හදන වාහන බවත් ඔහු සඳහන් කළේය.
ඉට පිළිතුරු දුන් ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ එය ගැටලුවක් වේ යැයි නොසිතන බවයි.
එම වාහනවල මෝටර් ධාරිතාව ගැන මොරටුව සරසවිය හරහා ඇගයීමක් කරන බවද ඔහු සඳහන් කළේය. භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් දිලිප් සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේ උසාවියට ගිය ප්‍රශ්නයක් හෙයින් මේ ගැන තවදුරටත් කතා කළ නොහැකි බවයි
සභාපති හර්ෂද සිල්වා මහතා මෙම පරීක්ෂණය පිළිගත් ජාත්‍යන්තර ආයතනයක් හරහා කරන්නැයි දැනුම් දුන්නේය. රේගු ප්‍රධානීහු එසේ කටයුතු කරන බවට කමිටුව හමුවේ සහතික වූහ.
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය. රේගුවේ රඳවාගෙන ඇති වාහන සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණේ එම රැස්වීමේදීය.
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2123
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නීති කඩා ගෙන්වූ වාහන හරවා යවයි
de silva Thursday, 31 July 2025 07:33 AM
මෙරටට වසරේ දින 365 ම හොදින් හිරු එලිය ලැබෙනවා , හොඳ සුළගක් ලැබෙනවා , වර්ශපතනයේත් , එච්චර ප්‍රශ්නයක් නැහැ , අප බොහෝ දෙනෙක් ජිවත් වෙන්නේ තනි තට්ටුවේ හෝ තට්ටු දෙකේ නිවාසවල , එම නිසා අපට සුර්ය පැනල සවිකර ගෙන ප්‍රයෝජනයට ගතහැකි නමුත් දැනට ප්‍රයෝජනයට නොගන්න විශාල පෘෂ්ටයක් තිබෙනවා වහල් මත . එමනිසා අප පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීමට යොමු වෙන්න ඕනේ , සුර්යබලයෙන් ක්‍රියාකරන වාහන වලට ගහන මේ අසාධාරණ තීරු බද්ද අවම වශයෙන් 50% වත් අඩු වෙන්න ඕනේ , එහෙම කලොත් දිනපතා කනිජතෙල් වලට පිටරටට ආදී යන විශාල විදේශවිනිමය ප්‍රමානයක් රටේ ඉතුරුවන අතර , පරිසරයටද හිතකාරී වේ
ගුණරත්නThursday, 31 July 2025 01:12 PM
විදුලියෙන් ක්‍රියාත්මක වෙනවා කිව්වට ඔය වාහන 90%කම චාජ් කරන්න ප්‍රධාන විදුලිය පද්ධතියෙන් විදුලිය ගන්නවා. ඉතින් තෙල් පුච්චලා හදන විදුලිය තමයි ඔය. බදු සහනයක් දෙන්න නම් දැනටත් සූර්ය පැනල හයිකරගෙන ප්‍රමාණවත් තරම් විදුලියක් නිපදවනවා කියල තහවුරු කරගෙන බදු සහනයක් දුන්නාට කමක් නැහැ, එහෙම නැත්නම් වෙන්නේ ඔය හිල් පාවිච්චි කරලා ධනපති පැලැන්තිය සුපිරි වාහන ගෙන්වන එක. ඔවුන්ට විදුලිබිල වැඩි වුනාට ගණනක් නැහැ