IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නගරවල වටින ඉඩම් ආයෝජකයන්ට

(අංජුල මහික වීරරත්න)

දිවයින පුරා ප්‍රධාන නගරවල පිහිටි රජයට අයත්, වාණිජ වටිනාකමකින් යුත් ඉඩම් මෙරට ආර්ථික සංවර්ධනයට ඵලදායීව දායක කර ගැනීමට හැකි වන අයුරින් ආයෝජකයන්ට ලබාදීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන, නිවාස හා වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.

කොළඹ නගරයේ රජයට අයත් ඉඩම්වල සිදු කළ, පසුගිය ආර්ථික තත්ත්වය හමුවේ අතරමග නවතා දැමුණු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අදාළ ආයෝජකයන්ට අවසන් දැනුම් දීම සිදුකර ඇති බව ද පැවසූ  අමාත්‍යවරයා,  ආයෝජකයන් එම ව්‍යාපෘති කඩිනමින් අවසන් නොකරන්නේ නම් ඒවා රජයට පවරාගෙන නව ආයෝජකයන්ට ලබාදීමට කටයුතු කරන බව ද  සඳහන් කළේය.

නාගරික සංවර්ධන, නිවාස හා වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මෙම අදහස් පළ කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති  ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

"හිල්ටන් හෝටලය මේ වන විට ලාභ ලබන ආයතනයක් බවට පත්ව තිබෙනවා. ඒ අනුව සේවක අයිතිවාසිකම් මෙන්ම හිල්ටන් හෝටල් ජාලයේ සම්මුතීන් ආරක්ෂා කරගෙන රටේ ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලැබෙන අයුරින්  එය වැඩිදියුණු කිරීමට තීරණය කර තිබෙනවා. මෙයට සමගාමීව බත්තරමුල්ල පිහිටි වෝටර්ස් ඒජ් හෝටලය ද නව ආයෝජකයන්ට ලබාදීමට  පියවර ගන්නවා. එම නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිතුමා විසින් කමිටුවක් ද පත් කර තිබෙනවා" යනුවෙන් ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.



අදහස් (3)

නගරවල වටින ඉඩම් ආයෝජකයන්ට

විපරමා Friday, 21 July 2023 08:48 PM

මොළ හතාට දුන්නා නම් හරි. ආර්තික සංවර්ධන ඇමැති කාලේ කරපුවා නොදන්න කෙනෙක් නැහැ. ගෝඨාභය නාගරික සංවර්ධන ඇමැතියා වෙලා කටුගෙයි වටිනා පුරාවස්තු වලටත් විද්දා.

:       1       6

C.K.Lankaputhra Saturday, 22 July 2023 06:39 AM

ආහ්...! කරල පැහෙන කෙලියක් වගේ. හැබැයි අපට නොවේ.

:       0       0

Lalla Sunday, 23 July 2023 08:02 AM

මේ අර චීන වරෙන්තු කාරයව ගෙනැල්ලා බොරු වපුරපු පොර නේද? මේ වගේ අයටත් ඇමැතිකම් තියෙන රටක් ගොඩනැගීම කෙසේ වෙන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 472 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site