
(යොහාන් භාසුර)
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට වහාම ඉවත්වන ලෙස බලකරමින් සමස්ත ශ්‍රී ලංකාව ආවරණ පරිදි අද (28) ක්‍රියාත්මක වූ වැඩවර්ජනයට සමගාමීව ප්‍රධාන නගරවල පැවැති විරෝධතා හේතුවෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය විය.
මාතර, කුරුණෑගල, මහනුවර, අනුරාධුපර, හලාවත, කෑගල්ල සහ ගම්පහ නගරවල මෙන්ම ආයෝජන ප්‍රවර්ධන කළාප පිහිටි කටුනායක සහ කොග්ගල යන ප්‍රදේශ ඇතුළු රට පුරා ප්‍රධාන නගර සහ සෙසු නගර කේන්ද්‍රකරගනිමින් විරෝධතා 1000 කට අධික සංඛ්‍යාවක් පැවැති බවත් ඒ හේතුවෙන් දැඩි වාහන තදබදයන් දැකිය හැකිවිය.
රටේ විවිධ ගැටලුකාරී අවස්ථාවලදී විරෝධතාවල කේන්ද්‍රස්ථාන වන මාතර, කුරුණෑගල, මහනුවර සහ අනුරාධපුර යන නගරවලට විරෝධතාවයකට රැස්වූ විශාලතම ජනකාය අද රැස්ව සිටි බව බොහෝ දෙනා පවසති.
හැටන් (ඡායාරූප: රංජිත් රාජපක්ෂ)


නුවරඑළිය (ඡායාරූප: ශාන්ත චන්ද්‍රසිරි)



කොළඹ අලුත් කඩේ උසාවිය ඉදිරිපිට
(ඡායාරූප: ශාන්ත රත්නායක)






රේගු වෘත්තීය සමිති සන්ධානය අද (28) පස්වරුවේ රේගු මූලස්ථානය ඉදිරිපිටදී පැවැත්වූ විරෝධතාව
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ ජනතාවට වුණායින් වුණේ නැහැ මෙහෙම දෙයක්... බොරු ජාතිවාදී, ආගම්වාදී ගැටුම් ඇතිකරලා, මිනිසුන් මුලා කරලා, හොරකම, වංචාව දූෂණය ඉහවහා ගිය පාලනයක් ඇති කිරීමට වටිනා ඡන්දය දීලා, අද පසුතැවෙන්න වෙලා. මීට පස්සේවත්, කුමන හෝ දේශපාලනයකට ගැති නොවී සුදුසු කෙනෙකුට ඡන්දය දී, දේශපාලකයාගේ බලයට වඩා ජනතාවගේ බලය වැඩි බව පෙන්වීමට මේ රටේ ජනතාවට ශක්තිය, ධෛර්යය ලැබේවා. බුද්ධිය පහළවේවා...!!!
අපූරු මිනිස්සු ටිකක් බැහැලා ඉන්නේ... නඩු ජීවිත කල් ඇදලා සාමාන්‍ය මිනිහාව හිඟමනට දාන පෙරකදෝරුවන් ටිකයි, කෘෂිකර්මාන්තයට බටයක් ගෙනාවත් හිටගෙන බදුගහන ගමන් අල්ලස් ගන්න රේගු සෙට් එකයි. දොස්තරලා (හරියට වෙදකම් කරනවා නම් චැනල් ඕනද), ගුරාලා (හරියට උගන්වනවා නම් ටියුෂන් පන්ති ඕනද), විදුලිබල මණ්ඩලේ, දුම්රිය දෙපාර්තමේන්තුව විතරයි අඩු... දේශපාලුවන්ට අමතරව මේ රට මේ තත්වයට වැටිච්ච එකට මේ අයත් සමව වගකියන්න ඕනෑ.
කෝ අපේ හාමුදුරුවෝ? වැඩවර්ජන නවත්වලා රජ්ජුරුවෝ බේරාගන්න ඉදිරිපත් වෙන්නේ නැද්ද?
මේවා පෙනෙන්නේ නැති කට්ටියකුත් ඉන්නවා. ලොක්කෙක් නම් කියන්නේ "මේ සේරම හැමදාම අපට විරුද්ධව වැඩකරපු කණ්ඩායම්. අපි එක්ක හිටපු කිසිම කෙනෙක් අපි අතහැර ගිහින් නෑ." කියලයි. ඒ වුණාට මරණාසන්න ලෙඩ්ඩු වෙනුවෙන් පවුලේ උදවිය කරන දේවල් දැන් ගෙදර කරන්නත් පටන් අරගෙන...
මිල ඉහළ යනවා කියලා පෙළපාලි යන කවුරුවත් අමතර මුදලක් සොයාගන්නට වෙහෙසෙන්නේ නැහැ. නිවාඩු දවසකටවත් අතිරේක වැඩක් කරන්න කැමැති නැහැ. මොන ආණ්ඩුව ආවත් මේ ගොල්ලන්ට පිනට කන්න දෙනවා ඇරෙන්න කරන්න දෙයක් නැහැ.
ඔය ස්ථාපිත කරන්න කියන ජනතා පරමාධිපත්‍යය මොකක්ද? පාර්ලිමේන්තුවේ ඉන්න හොරුන්ට බලේ දෙන්න කියන එකද? එතකොට ඒකෙ ඉන්න ඕනෙ ගොනෙකුට සල්ලි ටිකක් විසිකරලා අර 225 ඡන්දෙ අරන් ජනාධිපති වෙන්න පුළුවනිනේ.. එදාට අපිව කබලෙන් ලිපට වැටෙනවා.