(නිමල කොඩිතුවක්කු)
නගර සියයක් අලංකාර කිරීම ආණ්ඩුවේ අරමුණ බවත් මේ ව්‍යසනකාරී මොහොතේ කළයුත්තේ නගර අලංකරණය කිරීමට වඩා රටේ ලක්ෂ දෙසිය විස්සකගේ ජීවිත අලංකරණය කිරීම බව ආණ්ඩුව තේරැම් ගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් පේමදාස මහතා පවසයි.
කොරෝනා ව්‍යසනයෙන් ජනතාව ආරක්ෂා කරගෙන ජන ජීවිතය නගා සිටුවීමට ආණ්ඩුව වහා කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා නිවේදනය කරයි.
"නගර සියයක් එකවර අලංකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සැරසෙයි. ඒ සදහා රුපියල් මිලියන 2000ක අතිරේක ප්‍රතිපාදන මුදලක් වෙන් කෙරෙනු ඇති බවද පැවසේ. මේ රට සුන්දර විය යුතු බවත් ඒ් පිළිබඳව කිසිදු ගැටලුවක් නැතිබවත් පළමුකොට සඳහන් කරමි.එහෙත්,මේ ව්‍යසනකාරී මොහොතේ කළයුත්තේ නගර අලංකරණය කිරීමට වඩා මේ රටේ ලක්ෂ දෙසිය විස්සකගේ ජීවිත අලංකරණය කිරීමය.
දෙවසරක් තිස්සේ මේ රටේ සමස්ත ජන ජීවිත බරපතල ලෙස කඩා වැටී තිබේ.මේ මොහොතේත් රටේ සමස්ත අධ්‍යාපනය ව්‍යාකූලවී ඇත.ඔන්ලයින් අධ්‍යාපනය තවමත් ආගන්තුක වී ඇති අතර,වගකීම් විරහිත අමාත්‍යවරයෙකුගේ අදූරදර්ශී ක්‍රියාපිලිවෙත තුළින් එය තවත් වියවුල් වී තිබේ.එනයින් ගත්විට සමස්ත දූදරු පරපුරගේ ජීවිත අසුන්දර වී ඇත.ගුරුවරු,උපකාරක ගුරුවරු ඇතුලු සමස්තය ද දැඩිසේ පීඩාවට පත්ව ඇත.
මේවනවිටත් ලක්ෂ සංඛ්‍යාත ගොවි පරපුරේ ජීවිත අසුන්දර වී ඇත.පොහොර හිඟයෙන් ඔවුන් සුසුම් හෙලන අතර අස්වැන්න විකුණාගත නොහැකිව අප්‍රමාණ පීඩාවකට පත්ව සිටී.රටම ආහාර හිඟයක සහ සාගතයක පෙරනිමිති දැක දැක සිටී.ජීවන වියදම අහස උසට ගොස් ඇති අතර එක් වේලක් හෝ පිරිමසා ගන්නට නොහැකිව ජනතාව පීඩාවිඳිමින් සිටී.
මෙලෙස රටේ ලක්ෂ දෙසිය විස්සකගේ ජීවිත ද,උපනූපන් මතු පරම්පරාවේ ජීවිතද සහමුලින්ම අසුන්දර වී ඇති තත්ත්වයක් තුල ආණ්ඩුව නගර අලංකරණය කිරීමට යොමුවීම තුළින් පැහැදිලි වන්නේ ප්‍රමුඛත්වය ලබාදිය යුත්තේ කුමකටද යන්න පිළිබඳවවත් ආණ්ඩුවට සංවේදීකමක් හෝ දැනුම්වත්කමක් නැති බවය.
මේ මොහොතේ සමස්ත මින්ස් ජීවිත අලංකාර කොට ඉන් පසුව නගර අලංකාර කිරීමට අවධානය යොමු කරන ලෙස ආණ්ඩුවට බලකර සිටිමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය ජනතාවටත් කියන්න පුළුවන් ඒවා කිය කිය ඉන්න විපක්ෂ නායකයෙක් ඕන නෑ. අපිට බැරි තමන්ට පුළුවන් දෙයක් කරන්න.. ඒක වළක්වන්න. නැත්නම් පුළුවන් කෙනෙකුට දීලා ගෙදර යන්න.
මසුරන් කියමනක්, ඒත් මේ ආණ්ඩුවේ නාගරික සංවර්ධන මිථ්‍යාවන් ඇති අන්ධ ලොක්කන් මෙහෙම දෙයක් තේරුම් ගනීවිද කියන එකයි ප්‍රශ්නේ...
ජන ජීවිතය අලංකාර කරන්න විපක්ෂයට කළහැකි දේ බොහෝමයි. අපට ඇති ප්‍රශ්නය.. ඒක සුළුවෙන් හෝ තේරුම් ගත්ත විපක්ෂකයක්වත් රටේ නැතිවීමයි..!
සජිත් තුමා මේ Covid ලෙඩේ රටට හැදුණු පාර්ලිමේන්තුවේ කරපු කතා හරිම අඩ වෙනකොට ඇත්ත සහ ප්‍රයොගිකෛ.මුලින්ම මුඛ ආවරණය ගේන්න කිව්ව,ඊලගට එන්නත් අනවුම් කරන්න කිවුව,
කුමක් හෝ මාතෘකාවක් සොයාගෙන ප්‍රකාශ නිකුත් කිරීම නිරතුරුව සිදුවේ..... 'මෙය හොඳ දෙයකි. එහෙත් මේ වෙලාවේ නොකල යුතු දෙයකි.'
කොහේද ව්‍යසනයක් .කොරෝනා කියන්නෙ තනිකර බොරුවක්
මෙයා නම් මන්ත්‍රී කමකටවත් ගැලපෙන කෙනෙක් නෙවෙයි. රනිල් මීට හොඳයි. විපක්ෂ නායක කම එයාට දෙමු. මෙයා කියන විදියට ලංකාවේ මෙලෝ දෙයක් කරන්න බැහැ. ප්‍රචාරයට කියලා සංස්කෘතික අරමුදලේ සල්ලිවලින් රට පුරා පෝස්ටර් ගහන කොට ඒවායින් නැති බැරි මිනිස්සුන්ට කෑම වේලක් දෙන්න මතක් වුනේ නැත්ද? මෙයා තරම් බොරු සෝබනේට සල්ලි වියදම් කලේ නැහැ රනිල්... අනෙක නගර අලංකරණය ඉතා වැදගත්. මානසික සුවය කියලා එකක් මෙයා අහලාවත් නැහැ.
අවංකව වැඩකරන මිනිසා අඩුවෙන් කතා කරයි. වැඩ නොකරන "බූරුවන් වැඩියෙන් කැටයම් කලාව සහිතව උඩු බුරයි" යන පැරණි කියමන 100%ක් නිවැරැදි බව ඔප්පු කිරීමට මෙයත් හොඳම උදාහරණයකි...
මේ රවීන්ද්‍රගේ එක කකුලක් කොහොමත් රෙජිමයේ පැත්තේ තියෙන්නේ. විපක්ෂ නායකතුමා මොන හොඳ දෙයක් කිව්වත් ඒක වැරදි කියලා හොරුන්ට කහිනවා. විපක්ෂයට පොඩ්ඩක් නැගිටින්න පොඩ්ඩක් ඉඩ දෙන්න...
කිව්වොත් ගොන් කතාවක් තමයි... වෙලාවට ජනාධිපති වරණය පැරදුනේ... නැත්තන් මෙයා කොරෝනා කිය කියා නහයෙන් අඬ අඬා ඉඳියි අනිත් වැඩ ඔක්කොම නවත්තලා. කවදාක හරි කොරෝනා අඩු වූ දිනයක ලංකාවට හුළං එහෙනම්. අනාගතයක් දකින්න බැරි කෙනෙක් කියන එක මේකෙන්ම පැහැදිලියි
ඔහෙලගේ කාලේ ඔය දෙකෙන් එකක්වත් කෙරුණේ නැහැ නේද?