(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක "කුට්ටිපුලි" නමින් ක්‍රියාත්මක මැර කල්ලියේ ක්‍රියාකාරී සාමාජිකයකු හොරයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

පොලිස් විශේෂ කාර්යය බළකා ත්‍රිකුණාමල කඳවුරේ නිලධාරින්ට තොරතුරකට අනුව උප්පුවේලි මිහිඳු පුර හන්දියේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ඇතුළු සෙසු සාමාජිකයන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මහජන බියවැද්දීම් පහරදීම් ඇතුළු මැර කල්ලි ක්‍රියා රැසක් කල්ලිය  පසුගිය කාලය තුළ සිදු කර තිබූ බවත් පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු කාන්තාවක් දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ ත්‍රිකුණාමලය කොට්ඨාස බුද්ධි ඒකකය මඟින් ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන අධිකරණය පත් කිරීමෙන් අනතුරුව ඇප මත සිටින්නේ ක් බවත් පොලිසිය කියයි .

සැකකරු ත්‍රීකුණාමලය දේවනගර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක පුද්ගලයෙකි.