IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් යළි අරඹන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්

(ශාන්ත රත්නායක)

වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු නැවත වරාය අධිකාරිය මගින් ආරම්භ කරන ලෙස බල කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් සහ පාගමනක් අද  (24) පස්වරුවේ පැවැත්විණි.

එහිදී වරාය අධිකාරියේ වාත්තීය සමිති 23 ක් පමණ සාමාජිකයින් සංදේශයක් බාරදීම සදහා වරාය අසල සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් ගමන් කළේය.

 



අදහස් (9)

නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් යළි අරඹන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්

විජිත් Friday, 24 July 2020 11:51 AM

මහත්වරුනේ, ඔබලාගේ සටන ජයග්‍රහණයෙන් අවසන් වේවා, ඔබ සැමට ජයවේවා...!!! රට විකුණන් කන්නන්ගේ යුගය අවසන් වී ජාතික ආර්ථිකයක් ඇතිකොට නැවත අපේ රට හිස ඔසවන තත්වයක් ඇතිකිරීමට ඔබේ දායකත්වය ඉතාමත් වටිනවා. කවුරු අකමැති වුණත් ඇත්ත තත්වය නම් නැවතත් ව්‍යාජ "ගෝලීය ආර්ථිකය" හිස ඔසවන්නේ නැති බවයි. ඔබ සැමට ජයවේවා..!!! අපේ රටේ, අපේ වරායේ අයිතිය අපේ විය යුතුයි. එහි අයිතිය ඉන්දියන් කාරයින්ට, චීන්නුන්ට, ජපන්නුන්ට ලබාදෙන්න දේශපාලුවන්ට ඇති අයිතිය කුමක්ද..? දේශපාලුවෙක් කියන්නේ අවුරුදු 5කට මහජනතාව විසින් රටේ පරිපාලනය තාවකාලිකව බාරදෙන, රට ප්‍රවේශමෙන් ආරක්ෂාකොට නැවත අවුරුදු 5කදී ජනතාවට බාරදීමට තාවකාලිකව ජනතාව පත්කළ පුද්ගලයෙක් පමණයි. එහෙම නැතුව චීනාටයි, ඇමෙරිකන් කාරයාටයි, ඉන්දියන් කාරයාටයි රට කෑලි කෑලි කඩා විකිණීමට ඔබට කිසිම බලයක් හෝ අයිතියක් නැත. එවැනි ද්‍රෝහීන්ට හිමිවිය යුත්තේ මරණ දණ්ඩනයයි.

:       1       370

senaSaturday, 25 July 2020 08:23 AM

මේවා අවංක චේතනාවෙන් රටට වැඩක් වන විදිහට කරනවා නම් කමක් නැහැ. මේක පිටිපස්සෙත් ඉන්න කවුරුහරි දේශපාලකයෙක් වාසිය ගන්න බලාගෙන ඉන්නේ..

:       2       44

Sachin Friday, 24 July 2020 12:10 PM

මොන සන්දේශ දුන්නත් ඕක දෙනවා ඡන්දෙන් පස්සේ... ඊට පස්සේ ගුටි තමයි...

:       3       283

chandima Friday, 24 July 2020 02:42 PM

ඒ පර්යන්තය හදන්න කලුගල් ඕනෑ නේද? මේ කට්ටිය අරන් ගිහින් කලුගල් කඩන්න දැම්මා නම් පරියන්තයේ ඉක්මණට පටන් ගන්න තිබුණා...

:       329       102

Champa Friday, 24 July 2020 03:07 PM

මේ විරෝධයට සම්පූර්ණ සහයෝගය දෙනවා. වහල් ආණ්ඩුව නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න ගහපු ගිවිසුමට එරෙහි සිංහල බෞද්ධයින් මේ ආණ්ඩුව පත් කලේ එම ගිවිසුම අහෝසි කරයි සහ ක්‍රියාත්මක නොකරයි කියන බලාපොරොත්තුවෙන්. දැන් මෙතන මෙහෙයුම් නවත්තලා තියෙන්නේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීලම දාන්නද? දැන් වහල් ආණ්ඩුව මත්තල ගුවන්තොටුපොළ ගැණත් ගිවිසුමක් අත්සන් කළා කිව්වා. අගමැතිතුමා ඉන්දියාවට ගිය වෙලාවේ ඉන්දීය අගමැතිටම කිව්වා කිව්වා ගිවිසුමක් අත්සන් කළාට මත්තල ඉන්දියාවට දෙන්නේ නැහැ කියලා. වහල් ආණ්ඩුව පලාලි ගුවන් තොටුපොලත් ගැන ඉන්දියාවත් එක්ක ගිවිසුමක් තිබුණා. නමුත් දැන් එය සිද්ධ වෙන්නේ නැහැ. කොළඹ වරායේ නැගෙනහිර ජැටියට විතරක් මේ වෙන වෙනස මොකක්ද? බන්දුල ගුණවර්ධන කිව්වා ආණ්ඩුව චිත්තවේගී වෙලා වැඩ කරන්නේ නැහැ කියලා. ජනතාව රට, ජාතිය ගැන චිත්තවේගී වෙන එක වරදක් වෙන්නේ කොහොමද? මිනිස්සු එහෙම නොවුණා නම් අද රටක් ඉතුරු වෙන්නෙත් නැහැ. මේ ගොල්ලන්ට බලය ලැබෙන්නෙත් නැහැ. වහල් ආණ්ඩුව රටේ සම්පත් විකිණීමට එරෙහි වූ ජනතාවගේ ආවේගය නිසා තමයි මේ ආණ්ඩුව බලයට පත් වුනේ.

:       1       164

ranukaSaturday, 25 July 2020 12:37 PM

වහල් ආණ්ඩුව.. දැන් ජනාධිපතිතුමා පත්වෙලා මාස 09යි. කෝ ඔයාගේ කොන්ද කෙළින් ජනපතිතුමා..? තාම කොන්ද තිබ්බ තැන හොයාගන්න බැරුවද ඉන්නේ..?

:       1       126

ChampaSaturday, 25 July 2020 03:41 PM

මේ ජනාධිපතිට නාම යෝජනා දෙනකොටම මම කිව්වා ලංකාව තියෙන තත්වෙන් ගොඩගන්න ඔහුට බැහැ කියලා... ඔහුට තමන්ගේම කියලා දැක්මක් නැහැ. රටේ ප්‍රශ්නවලට තමන්ගේම කියලා උත්තර ඔහුට නැහැ. ඒ වගේම ජනාධිපතිවරණය දක්වාත් මම කිව්වා ඔහු කවදාවත් MCC ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා කෙලින් පොරොන්දුවක් දීලා නැහැ කියලා. ඒ වගේම මම කිව්වා ඔහු උඩින් පෙන්වනවාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලයෙක් කියලා. ඔහු ආපු ගමන්ම කලේ MCC ගිවිසුම ප්‍රතික්ෂේප කරනවා වෙනුවෙට ජනතාව මුලාකරලා ඒක අත්සන් කරන්න කමිටුවක් පත් කරපු එක. කමිටුව එපා කිව්වත් ඔහු තවම ඒ උත්සාහය අතහැරලා නැහැ. මහින්දට ජනාධිපතිවරණෙට ඉල්ලන්න බැරි නිසයි මිනිස්සු ඔහුට කැමති වුනේ. කාන්තාවන් හා දරුවන්ගේ අනාරක්ෂිත භාවය ඔහු යටතේ වැඩිවෙයි කියලත් මම කීවා. වහල් ආණ්ඩුව ගෙදර යවන එකට මම 2015 ඉඳන් සහයෝගය දුන්නා. හැබැයි මේ ජනාධිපතිව ඡන්දෙට දාපු එකට මම විරුද්ධ වුණා.

:       0       0

Lakmal Saturday, 25 July 2020 05:41 AM

අනේ ඡන්දෙට කළින් කිව්වේ නම් යහපාලන ආණ්ඩුව තමයි රටේ සම්පත් පිටරටට විකුණන්නේ කියලා. දැන් මේ ආණ්ඩුව කරන්නෙත් ඒකමනේ. අහෝ ! 69 ලක්ෂයක් පැතූ වෙනස....

:       1       168

Robinsan Rajapassa. Sunday, 26 July 2020 02:12 AM

වර්තමානයේ ලෝකේම ‘‘කොරෝනා‘‘.. ලබන මාසේ අපේ රටෙන් පටන් ගන්නවා. ‘‘ලෙලෝනා‘‘ එතකොට ඔයකවුරුත් යටත්වෙලා සුනඛයන් වගේ නැට්ට වනාගෙන ඉඳියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 34 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site