IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


නුගේගොඩ දුම්රිය හරස් පාරේ අනතුර යාන්තම් වැළකේ - වීඩියෝ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නුගේගොඩ දුම්රිය ස්ථානයෙන් ගේට්ටුව වසන්නැයි එහි ක්‍රියාකරුට  නිසි අයුරින් සංඥා ලබා නොදීම හේතුවෙන් කිරුළපන පූර්වාරාම දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් ගත්  මෝටර් රථයක් දුම්රියක ගැටුනද එහි ගමන්ගත් කාන්තාවන් දෙදෙනකුගේ ජිවිත අනූ නවයෙන් බේරි ඇතැයි පොලිසිය කියයි. 

එම මෝටර් රථය  පැදවූ  කාන්තාව සහ එහි ගමන් ගත් තවත් කාන්තාවක් දැඩි  කම්පන තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහල රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.

සිදු වූ අනතුරින් මෝටර් රථයට බරපතල අලාභ සිදු වී  ධාවනයට නුසුදුසු තත්ත්වයට පත් වී ඇතැයි පොලිසිය කියයි  

කොල්ලුපිටිය ප්‍රදේශයේ  පෞද්ගලික  ආයතනයක රැකියාව නිමකර මහරගම  නිවස කරා ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනා  රැගත් මෝටර් රථය  කිරුළපන පූර්වාරාම දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු විවෘත  කර තිබීම හේතුවෙන්  ඒ හරහා ගමන් කිරීමේදී කොළඹ සිට පාදුක්ක කරා ගමන් කරමින් තිබූ  දුම්රිය මෝටර් රථයට ආසන්නයට පැමිණීමත් සමගම මෝටර් රථයේ එන්ජිම නතර වී ඇති අතර ඒ සමගම දුම්රිය  මෝටර් රථයේ වම්පස බඳ පෙදෙසේ ගැටී මෙම අනතුර සිදුවී  ඇතැයි පොලිසිය කියයි. 



අදහස් (5)

නුගේගොඩ දුම්රිය හරස් පාරේ අනතුර යාන්තම් වැළකේ - වීඩියෝ

මුණසිංහ Wednesday, 07 July 2021 01:13 PM

අනතුර වැලකිලා නැහැනෙ . ඔය ඩැමේජ් එක මොකක්ද එතකොට

:       2       105

Kusum Wednesday, 07 July 2021 01:22 PM

මං දැක්කා අනතුර

:       66       12

මොහොමඩ් ඇන්තනි ධර්මසේනWednesday, 07 July 2021 06:29 PM

ඔබට සතුටුයිද දැන්

:       0       0

Rohana Wednesday, 07 July 2021 04:20 PM

ගේට්ටු අතින් පයින් වහන එක යල් පැනගිය ක්‍රමයක්. ඔය කයිවාරු ගහන පාලකයන්ට බැරිද මේකට ස්වයංක්‍රීය ගේට්ටුවක් දාල දෙන්න. මේවගෙ අනතුරුදාක හරස් මාර්ග කොපමන තියෙනවද? ඒවට විසදුම් නොදී තිබෙනතාක් මෙවැනි අනතුරු වලක්වන්න බැහැ.

:       0       0

nihal Saturday, 10 July 2021 01:40 AM

හලෝ ජයසිංහ... කවුරුහරි මැරුණොත් විතරද ඒක අනතුරක් වෙන්නේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 668 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17760 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 745 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site