(යොහාන් භාසුර)
‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකා අනතුරේ ප‍්‍රතිඵලයක් ලෙස වෙරළ දූෂණය වීමෙන් ධීවර කටයුතු අත්හිටුවා තිබෙන ප‍්‍රදේශවල ආදායම් අහිමිවන පුද්ගලයන්ට දීමනාවක් ලබාදෙන බව ධීරව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
ධීරව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩි දුරටත් මෙසේ ද පවසයි.
‘‘පානදුර සිට මීගමුව දක්වාම ධීවර කර්මාන්තය අත්හිටුලා තියෙන්නේ ඒ නිසා මත්ස්‍ය පරිභෝජනය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කිරීමේ අවශ්‍යතාවක් නෑ.
එම කළාපය තුළ දෛනිකව ආදායම් අහිමිවන සියලූ දෙනාට ආදායම් අහිමිවන කාලය තුළ යම්කිසි මුදලක් ලබාදීම කටයුතු කරනවා. මෙම ප‍්‍රදේශයේ ක්ෂේත‍්‍ර 28 ක් කටයුතු කරනවා. මුදල් අමාත්‍යය සහ ධීවර අමාත්‍ය ඒකාබද්දව ආදායම් අහිමිවූ පුද්ගලයන්ට ගෙවීම් කරන්න කටයුතු කරනවා. ඒ පුද්ගලයන් තොරතුරු ලබාදෙන්න.
එම ප‍්‍රදේශවලින් බහුදින යාත‍්‍රා සහ ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවලට කිසිම තහනමක් පනවා නෑ. මේ හේතුව නිසා මත්ස්‍ය වෙළෙ`දපොල ප‍්‍රශ්නයක් ඇතිවුහොත් ධීරව දෙපාර්තමේන්තුව හරහා මත්ස්‍ය තොග සෘජුවම මිලදී ගැනීමට අපි සූදානම්’’

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ දීවරයින්ට විතරක් දීමනා දිලා කොහොමද
මියගිය මාළුන්ට විනාශ වුන පරිසරයට කවුද වන්දි ගෙවන්නේ ? ඇසිඩ් කාන්දුවෙන නැවක් ගෙදරට කැන්දාගත්තු අයද ? මම දැක්ක එක ඇමතිවරයෙක් කියනවා " මේ වැඩෙන් අපට විශාල වන්දියක් ගන්න පුළුවන්. මේ වෙලාවේ ඒක හරි ප්‍රයෝජනවත්" කියල. "අපේ රටට ඩොලර් එන්නේ නැව් වලින්. මේ නැවේ ගින්නේ උෂ්ණත්වය 80% යි" වගේ ගොන් කතා කියන මිනිස්සුනේ මේවා භාරව ඉන්නේ.
අයියෝ ලංකාවට වෙච්චි දෙයක්... හැමෝම සදාකල් අනුන්ගෙන් යැපෙන තත්ත්වයට පත් කළා. වසර හැත්තෑවක් කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්ත මිනිස්සුන්ට මීට වඩා මොනවා වෙන්නද?