(ප්‍රියාණි මංගලිකා )
නිකවැරටිය රිඳීබැඳි ඇළ ව්‍යාපාර යටතේ මෙවර වගා කර ඇති පීදුන කුඹුරු අක්කර 5000 ක් පමණ කීඩෑ උවදුරට සහ දිලීර රෝගයකට ලක්ව ඇති බව ව්‍යාපාර ඒකාබද්ධ ගොවි සංවිධානය අද (26) පැවසීය.
මාගල්ල ව්‍යාපාරය යටතේ මේ වන විට කිරට නැවී ඇති කුඹුරු අක්කර හාර දහසකට අධික සංඛ්‍යාවක්ද ,රිදී බැඳි ඇල ව්‍යාපාරය යටතේ අක්කර දහසකට අධික සංඛ්‍යාවක්ද ,මෙලෙස කීඩෑ උවදුරට සහ දිලීර රෝග තත්වයට ගොදුරු වී ඇති බවද ,මාගල්ල ව්‍යාපාර ඒකාබද්ධ ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති රත්නතිලක හේරත් මහතා පැවසීය.
තම කුඹුරු වලට කීඩෑ උවදුර හෝ දිලීර රෝග තත්වය පවතී නම් එය මර්ධනය සඳහා හිතුමතේ කෘමිනාශක හෝ රසායනික යෙදීමෙන් වලකින ලෙසත් ,කෘෂිකර්ම නිලධාරීන් ගේ උපදෙස් අනුවම නිර්දේශිත කෘමිනාශක සහ රසායනික පමණක්ම යොදන ලෙසද සභාපති වරයා සඳහන් කලේය.
ඇතැම් ගොවි මහතුන් කෘෂි නිලධාරීන්ගේ උපදෙස් හෝ කිසිඳු නිර්දේශයක් නොමැතිව අධික මිල ගනන් යටතේ වන අධික සැර සහිත විවිධ කෘමිනාශක සහ රසායනික වර්ග කුඹුරු වලට යෙදීම සිදු කරණ බවද. ඉන් වගාවන්ට හිතකර සතුන් පවා විනාශ වන අතර පවතින තත්වයන්ද මර්ධනය නොවන බවද සභාපති වරයා සඳහන් කලේය .
මේ වන විට පවතින තත්වය මත අස්වනු විනාශ වීමෙන් ,මෙවර අපේක්ෂිත අස්වනු ලබා ගැණීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවද , අපේක්ෂිත අස්වැන්නද අහිමි වීම ගොවීන්ට අවාසිදායක තත්වයක් බවද විශේෂයෙන් කීඩෑ උවදුරට ලක් වන කුඹුරු වල අස්වැන්න නිසි මිලට අලවි කිරීමට නොහැකි තත්වයක් උදා වන බවද සභාපති වරයා වැඩිදුරටත් සඳහන් කලේය .
බොහෝ ගොවීන් පැවසුයේ රටපුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරස් වසංගත තත්වය මත විවිධ ආර්ථික ගැටලු වලට මුහුණ දෙමින් ණය තුරුස් වී මෙවර කුඹුරු වගා කටයුතු සිදු කල බවද , පවතින තත්වය මත තමන්ට යම් සහනයක් අවැසි බවය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
නිකරවැරටියේ කුඹුරු අක්කර 5000 ක් කීඩෑ-දිලීර රෝගයන්ට ගොදුරුවෙලා