
(අංජුල මහික වීරරත්න)
ධීවර ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බවත්, ගොඩබිම සහ මුහුදු තීරයද රැකගත යුතුයි යන දැඩි ස්ථාවරත්වයේ රජය කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
සිය කර්මාන්තය කරගෙන යාමේදී රට පුරා ධීවර ජනතාව මුහුණදී සිටින ගැටලුවලට සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ මන්නාරම දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.
මන්නාරම දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය සඳහා සථීර විසඳුමකට එළැඹීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා ආරම්භ කළ ව්‍යාපෘතිය නිසි අධ්‍යයනයකින් පසු ඉදිරියට ක්‍රියාත්මක කිරීමටද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ආපදා තත්ත්වය හේතුවෙන් මන්නාරම ධීවර ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර මේ වන විට ධීවරයන් 12,000ක් පමණ ධීවර කටයුතුවල නිරත විය නොහැකිව පීඩාවට පත්ව සිටින බව අනාවරණය කෙරිණි.
ගංවතුරට හසු නොවුණද අයහපත් කාලගුණය හේතුවෙන් ධීවර කටයුතුවල නිරත විය නොහැකිව ජීවනෝපායමාර්ග අහිමි වී සිටින ධීවර පවුල් වෙත සතියක කාලයක් සඳහා වියළි ආහාර පාර්සල් ලබා දීමට ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.
එමෙන්ම චීන රජයෙන් මෙරටට ලැබී ඇති දැල් ආම්පන්න තොගය ආපදාවට පත් වූ ධීවර ජනතාව වෙනුවෙන් ලබා දීමට චීන තානාපති කාර්යාලය සමග සාකච්ඡා කිරීමටද මෙහිදී අවධානය යොමු විය.

2025 දෙසැම්බර් මස 04
695
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ධීවර අයිතීන් කඩන්න කාටවත් ඉඩ දෙන්නේ නෑ