
(කවිඳු දිල්ෂාන්)
දකුණු ආසියානු කලාපයේ කුඩා පරිමාණ මත්ස්‍ය ගොවීන් සවිබලගැන්වීම සහ පෝෂණ සුරක්ෂිතතාව ඉහළ නැංවීම අරමුණු කරගත් කලාපීය ඇක්වා ලයිව්ලිහුඩ් ව්‍යාපෘතිය (AquaLivelihood) හරහා මෙරට ධීවර පවුල් 800ත් 900ත් අතර ප්‍රමාණයකට ඍජුවම දරිද්‍රතාවෙන් මිදීමට අවස්ථාව ලැබෙනු ඇතැ’යි බලාපොරොත්තු වන බව ජලජ ජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති කිත්සිරි ධර්මප්‍රිය මහතා පැවසීය.
එමගින් 30,000කට අධික පිරිසකට වක්‍ර ප්‍රතිලාභද හිමි වනු ඇති බව ඔහු කීය.
ඇක්වා ලයිව්ලිහුඩ් ව්‍යාපෘතිය නිල වශයෙන් දියත් කිරීම සඳහා සාක් සංවිධාන අරමුදල (SDF) සහ සාමාජික රටවල ජාතික ආයතන සමග එක්ව පසුගියදා(05) කොළඹදී පැවති උත්සවයකදී හෙතෙම එම අදහස් පළ කළේය.
මෙරට පවතින මත්ස්‍ය පැටවුන්ගේ හිඟයට පිළියමක් ලෙස ප්‍රජාව විසින් මෙහෙයවන විමධ්‍යගත අභිජනන ඒකක පිහිටු වීම එහි තවත් ප්‍රධාන අරමුණක් බවද ධර්මප්‍රිය මහතා සඳහන් කළේය.
එමෙන්ම මෙරට මිරිදිය කර්මාන්තයේ පවතින ප්‍රධානම ගැටලු දෙකක් වන ගුණාත්මක මත්ස්‍ය පැටවුන්ගේ හිඟය සහ මත්ස්‍ය ආහාර සඳහා පවතින අධික වියදම යන ගැටලුවලට විසඳුම් සෙවීමද මෙහි මූලික අරමුණක් බව ඔහු පැවසීය.
තවද එම ව්‍යාපෘතිය යටතේ දේශීයව පවතින අමුද්‍රව්‍ය මගින් අඩු වියදම් මත්ස්‍ය ආහාර නිෂ්පාදනය කිරීමටත් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක අටක මත්ස්‍ය පැටවුන් නිෂ්පාදනය වැඩි කිරීමටත් හැකි වන බවද හෙමෙ කීවේය.
මෙහිදී අදහස් දැක්වූ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසුවේ එම ව්‍යාපෘතියේ ඇති සුන්දරතම කොටස නම් එහි ප්‍රතිලාභීන්ගෙන් අවම වශයෙන් සියයට 30ක් කාන්තාවන් වීම බවය.
එහිදී කාන්තාවන් සහායකයන් වශයෙන් පමණක් නොව තීරණ ගන්නන් නිෂ්පාදකයන් සහ ව්‍යවසායකයන් ලෙස සවිබල ගැන්වීම තුළින් පවුල් සහ ප්‍රජාවන් නගා සිටුවිය හැකි වන බවද ඔහු සඳහන් කළේය.
මෙහිදී ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතාද අදහස් දැක්වීය.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
578
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ධීවරයින්ගේ දිළිඳු බව නැති කරන්න නව ව්‍යාපෘතියක්