IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග

(රෝෂන් තුෂාර)

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින්  අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය  තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා අද (19) නියෝග කළේය.

පසුගිය දොළොස්වෙනි දින ධීවරින් දස දෙනෙකු සමග  අත් අඩංගුවට ගත් කිලෝ ග්‍රෑම් 263 ක මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

දෙවුන්දර ධීවරයින් 10 දෙනෙකු ගමන් ගත් බහුදින ධීවර යාත්‍රාවක තිබියදී අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 179.906ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 83.582ක් මත්ද්‍රව්‍ය කාර්යාංශය පොලිපැක් උර පහළොවක බහා අධිකරණයට ඉදිරිපත් කළ අතර මහේත්‍රාත්වරයාගේ නියෝගයෙන් අනතුරුව  අධිකරණ රෙජිස්ඨාර් වරයාගේ නිරීක්ෂණය යටතේ ලාකඩ මුද්‍රා තබා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කෙරිණි.

දෙවුන්දර විරලයේ සිට කිලෝමීටර් 246 ක්  ඈත මුහුදේදී නාවික හමුදාව විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබිණි .

මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමට එරෙහිව ධීවරයින්ට පනවා ඇති නඩුව ලබන විසි දෙක දින අධිකරණයේ කැඳවීමට නියමිතය. 



අදහස් (0)

දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග

ඔබේ අදහස් එවන්න

දියත

කෝටි 15ක මත්ද්‍රව්‍ය සමඟ යුවළක් කොටුවෙයි
2024 මැයි මස 02 132 0

ඩුබායි රාජ්‍යයට පලාගොස් සැඟව සිට මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ශිරාන් භාෂික් නැමත්තාගේ ප්‍රධාන ගෝලයෙකු හා කාන්තාවක රුපියල් කෝට් පහළොවකට


දකුණට - වයඹට නව ආණ්ඩුකාරවරු
2024 මැයි මස 02 547 0

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.


කොළ කොඩිය ඔසවාගෙන ඉදිරියටම යනවා
2024 මැයි මස 02 306 0

කම්කරුවන් සඳහා අනාගතයක් සදා දුන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය යැයි එජාප නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


මාස දෙකහමාරේ බිළිඳියගේ සිරුර ළිඳක
2024 මැයි මස 02 236 0

කල්පිටිය කන්දකුඩාව ගම්මානයේ ,මාස දෙක හමාරක් වයසැති බිලිඳියකගේ සිරුර එම නිවසේ ළිඳේ පාවෙමින් තිබියදී සොයාගත් බව කල්පිටිය පොලිසිය පවසයි.


හපුතලේ-බෙරගල අතර එක් මංතීරුවකට සීමා වෙයි
2024 මැයි මස 02 610 0

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ බෙරගල අතරදී අද(01) දින දෙවන වරටත් ගල් පර්වත කිහිපයක් පෙරළී මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකර


දවසේ කාලගුණය
2024 මැයි මස 02 188 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 441 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1855 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1664 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site