IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


දූෂණ මඩින්න ජනපති ලේකම් ආයතන ලොක්කන්ට වගකීම් පවරයි

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය-පෞද්ගලික ආයතන ප්‍රධානීන්  ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා සැලැසුමක් සකස් කළ යුතු බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා දැනුම් දුන්නේය.

එම ක්‍රියාකාරී සැලසුම්වල ප්‍රගතිය පිළිබඳව දූෂණ විරෝධී ජාතික මෙහෙයුම් කමිටුව විසින් වරින්වර සමාලෝචනය කළ යුතු බවද ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය.

ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම 2025-2029හි ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමට පත් කරන ලද ජාතික මෙහෙයුම් කමිටුවේ සහ ඊට අදාළ වගකීම් පැවරී ඇති රාජ්‍ය හා පෞද්ගලික අංශවල ආයතන ප්‍රධානීන් සමඟ පැවැති  සාකච්ඡාවකදී ජනාධිපති ලේකම්වරයා මේ බව කීය.

කොළඹ ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණි.

‘සුපිළිපන් දේශයක් කරා' යන තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව පසුගිය අප්‍රේල් මස 9 වන දින ‘ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම' එළිදක්වන ලද අතර, 2025 වසරේ සිට ඉදිරි වසර පහක කාලය තුළ එය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම ජාතික මෙහෙයුම් කමිටුව රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ නියෝජිතයින්ගෙන්  සමන්විත වන අතර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කමිටුවේ සභාපති ලෙසද, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්  රංග දිසානායක මහතා කමිටුවේ උප සභාපති සහ කැඳවුම්කරු ලෙසද කටයුතු කරයි.



අදහස් (1)

දූෂණ මඩින්න ජනපති ලේකම් ආයතන ලොක්කන්ට වගකීම් පවරයි

Doom Thursday, 31 July 2025 07:54 PM

RMV එකේ කාක්කෝ තාම ඉන්නවා... පුළුවන් නම් නවත්තන්න... වාහන පාකින් කරන්නෙත් කුඩු කාරයෝ...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 141 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 291 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 635 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site