IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


දුනිත්ගේ පියාගේ මරණය ගැන මහින්ද දුක්වෙයි

(අංජුල මහික වීරරත්න)

බාල වයසේදීම පියා අහිමි වීමේ වේදනාව තමාද අත් විඳ ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අමතමින් ෆේස්බුක් සටහනක් තබමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පියාගේ අභාවය සම්බන්ධයෙන් ශෝක වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම සටහන තබා ඇත.

මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පවසයි.

"මාගේ පියා අහිමිවීම සිදුවන්නේ මට වයස අවුරුදු 22 ක් වැනි ඉතාමත් තරුණ වයසේදීය. ඒ වන විට මා පසු වූයේ මාගේ ජීවිතයේ ආරම්භක අවස්ථාවේය. එහෙත් වයස 22 ක් වැනි ඉතාමත් තරුණ වයසේ දරුවෙක් ලෙස ඔබ දිනා ඇති දේ බොහෝමයි. 

අපගේ සිහින සැබෑ කර ගැනීමේ සතුට තම දෙමාපියන් සමඟ බෙදාගැනීමට ලැබෙන්නේ අතලොස්සකට පමණි. එහෙත් ඔබ එම අතලොස්සට අයත් වාසනාවන්ත පුතෙකි. අප සාර්ථක වන විට එම ජයග්‍රහණය දකින්නට ඒ ජයග්‍රහණය වෙනුවෙන් බොහෝ දේ කැපකළ ආදරණීය මාපියන් නොමැතිවීම අප වේදනාවට පත් කරයි. මම එය විඳ ඇත්තෙමි. මාගේ ජයග්‍රහණ හමුවේ මාපියන් සිතින් සිහිපත් කර ඇත්තෙමි. එහෙත් ඉතාමත් තරුණ වයසින් ඔබේ මාපියන් ඉදිරියේම ඔබ දිනා ගත් දේ බොහෝමයි. ඔබ මාතෘ භූමිය නියෝජනය කරමින් මේ රටේ සැමගේ සිහින, බලාපොරොත්තු සැබෑ කරනවා සේම ඔබේ පියාගේ පීතෘ සිහිනය ද මේ වන විටත් සැබෑ කර අවසන්ය. ඔබේ පියා ඉදිරියේ මාතෘ භූමිය නියෝජනය කරමින් තුන් ඉරියව්වෙන් ක්‍රිකට් ලෝකයම දිනා අවසන්ය. 

ඔබේ පියාගේ සැබෑ වූ සිහිනය තව දුරටත් ජීවත් කරවීමට නම් ඔබ මේ සියල්ලටම ශක්තිමත්ව මුහුණ දිය යුතු බව පියෙකු ලෙස මම ඔබට සෙනෙහසින් කියමි. මා ද ඇතුළුව ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන මේ රටේ මෙන්ම ලෝකයේම ජනතාවගේ ආදරය සහ ආශිර්වාදය ඔබ සමඟ බව සිහිපත් කරමි.

එමෙන්ම සුරංග වෙල්ලාලගේ මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් බිරිඳ ඇතුළු පවුලේ සැමට මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි.

ආදරණීය දුනිත් වෙල්ලාලගේ, තවත් බොහෝ කල් ඔබේ පියාගේ සිහිනය ජීවත් කිරීමේ වගකීම ඔබට බාරය.



අදහස් (3)

දුනිත්ගේ පියාගේ මරණය ගැන මහින්ද දුක්වෙයි

Kamal Friday, 19 September 2025 03:54 PM

බාලවයස්වල පියවරු මොනතරම් අහිමි කළ පාලන යුගයක්ද තිබුණේ නේද? හිටපු ජනාධිපතිතුමා..

:       8       7

ප්‍රේමරත්න Friday, 19 September 2025 04:43 PM

දරුවන්ට දෙමාපියන් සහ දෙමාපියන්ට දරුවන් අහිමි කළ තිස් වසරක යුද්ධයක් අවසන් කළ උදාර රාජ්‍ය නායකයෙක් සහ පියකු තැබූ සටහනක්. අනිත් අයටත් කොපි කළ හැක. නමුත් සම කළ නොහැකිය...

:       0       8

ගුණරත්න Friday, 19 September 2025 04:01 PM

දුනිත් වෙල්ලාලගේ, අපට තිබෙන ලොකුම බලාපොරොත්තුවක්.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31472 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13772 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11057 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 148 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1063 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site