IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දිට්වා නිවාස එක්ලක්ෂ දහඅටදාහක් බිලිගනි

(දිනේෂ් සමරකෝන්)

දිට්වා සුළි කුණාටුවත් සමඟ දිවයිනට බලපෑ අපදා හේතුවෙන් නිවාස එක්ලක්ෂ දහඅට දහස් දෙසීය හැත්තෑ හතරකට( 118,274 ) හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

එහිදී නිවාස 6,164කට පූර්ණ හානි සිදුව ඇති අතර, තවත් නිවාස එක්ලක්ෂ දොලොස් දහස් එකසීය දහයකට ( 112,110 ) අර්ධ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය අධ්‍යක්ෂක සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

වැඩිම නිවාස හානි සිදුව ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ වන අතර, එහිදී නිවාස 2,013කට පූර්ණ හානි සහ තවත් නිවාස 14,562කට අර්ධ හානි සිදුව තිබේ.

පුත්තලම දිස්ත්‍රික්කයේ නිවාස 632කට පූර්ණ හානි සහ තවත් නිවාස 21,137කට අර්ධ හානි සිදුව ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිවාස 768කට පූර්ණ හානි සහ තවත් නිවාස 3,746කට අර්ධ හානි සිදුව තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ද ආපදා හේතුවෙන් නිවාස හානි සිදුව ඇති අතර, එහිදී නිවාස 596කට පූර්ණ හානි සහ නිවාස 4,817කට අර්ධ හානි සිදුව ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස 587කට පූර්ණ හානි සහ තවත් නිවාස 7,934කට අර්ධ හානි සිදුව තිබේ.

මීට අමතරව ආපදා තත්වය හේතුවෙන් , කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස 265කට පූර්ණ හානි සහ තවත් නිවාස 13,517කට අර්ධ හානි ද, ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස 256කට පූර්ණ හානි සහ තවත් නිවාස 8,825කට අර්ධ හානි ද, මාතලේ දිස්ත්‍රික්කයේ නිවාස 247ක පූර්ණ හානි සහ තවත් නිවාස 3,773කට අර්ධ හානි ද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස 245කට පූර්ණ හානි සහ තවත් නිවාස 3,058කට අර්ධ හානි ද , පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිවාස 157කට පූර්ණ හානි සහ තවත් නිවාස 4,124කට අර්ධ හානි ද, අම්පාර දිස්ත්‍රික්කයේ නිවාස 111කට පූර්ණ හානි සහ තවත් නිවාස 509කට අර්ධ හානි ද සිදුව ඇත.



අදහස් (0)

දිට්වා නිවාස එක්ලක්ෂ දහඅටදාහක් බිලිගනි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site