
ඇමෙරිකාව සමඟ හෝ ඊශ්‍රායලය සමඟ හෝ දිගින් දිගටම යුද්ධ කිරීමේ අවශ්‍යතාවක් තමන්ට නොමැති බව ඉරාන රජය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එරට නියෝජිත අමීර් සයීඩ් ඉරවානී පවසයි.
ඉරාන නියෝජිතයා මෙසේ කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේය. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී ඉරානයට පහර දීම ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් බව අමීර් සයීඩ් ඉරවානී පෙන්වා දෙයි.
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ දිගින් දිගටම පැටලෙන්න අපට කිසිම අවශ්‍යතාවක් නැහැ. නමුත් ඉරානයේ ස්වෛරීත්වය වෙනුවෙන් ප්‍රතිප්‍රහාර එල්ල කරන්න අපට නෛතික අයිතියක් තිබෙනවා. අපේ ස්වෛරීත්වය කාටවත් උදුරා ගන්න දෙන්න බැහැ.’ යැයි එක්සත් ජාතීන්ගේ ඉරාන නියෝජිත අමීර් සයීඩ් ඉරවානී අවධාරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd