IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


දෙහිවල වෙඩි තැබීමේ පැදිකරු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දෙහිවල  දුම්රිය පොල පාර අසල සුපිරි වෙළඳසැලක් ඉදිරිපිටදී මෝටර් රථයක සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණ වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියේ පැදිකරු ලෙස කටයුතු කළ පුද්ගලයා තියුණු ආයුධ සහ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි

එම සැකකරු සමග කඩු පහක්, කිනිස්සක් හා රුපියල් ලක්ෂ පනහකට අධික වටිනා අයිස්  මත්ද්‍රව්‍ය ගෑම් 50ක් පොලිස් භාරයට ගෙන ඇත

වෙඩි තැබීමට සම්බන්ධ යතුරු පැදිය පැදවූ පුද්ගලයා ගල්කිස්ස සුමනාරාම පාරේ නිවසක සැඟව සිටින බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත  මහතාට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පැදිකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී  බස් අසිත නැමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා  සංවිධානාත්මක අපරාධකරුක සහ මත් ජාවාරම්කරුවෙකු වන කොස් මල්ලි නැමැත්තා තමන් වෙත රුපියල් ලක්ෂ 7කට ආසන්න මුදලක්ද ලබා දුන් බවත් එම මුදලින් එකවර රුපියල් තුන් ලක්ෂ පනස්දහසක් තම ගිණුමට බැරකල බවත් අනතුරුව වරින් වර ඉතිරි මුදල් ලබා දුන් බවත් සැකකරු  අනාවරණය කර ඇත

සැකකරු පදිංචි නිවස පරික්ෂා කිරීමේදී නිවස තුළ සඟවා තිබූ කඩු පහක් කිනිස්සක් සොයා ගැනීමට හැකිවූ බවත් ඒ සම්බන්ධයෙන් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ් කිරීමේදී  බඩෝවිට අසංකගේ සමීපතමයෙකු වන බොරලැස්ගමුවේ  දිනුක නමැත්තෙකු ආයුධ වලින් කපා ඝාතනය කිරීමට කොස් මල්ලි නැමැත්තා විසින් තමන් වෙත ආයුධ සැප වූ බවට අනාවරණය කළ බව පොලිසිය කියයි.

දෙහිවල වෙඩි තැබීමේ සිද්ධියෙන් අනතුරුව සැකකරු පදිංචි නිවස අත්හැර දමා දකුණු පළාතේ විවිධ ස්ථානවල සැඟව සිට ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු තිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය

ගල්කිස්ස කොට්ඨාස අපරාධ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ගුණසේකර මහතාගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතාගේ මෙහි වීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන කවි සංඛ හා රන්දිම  පොලිස් කොස්තාපල් වරුන් වන 78865 මේනක 30178 සංජීව 102021  බණ්ඩාර 80965 ඉදිරි සිංහ මහත්වරුන් පරීක්ෂණපවත්වයි 



අදහස් (0)

දෙහිවල වෙඩි තැබීමේ පැදිකරු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 113 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site