IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දහම් පාසල් අවසානය මේ මස අග

(ජේ.ඉඳුරුවගේ)

බෞද්ධ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය 2020,2021,සහ 2022 ට අදාලව මෙම දෙසැම්බර් මස 28 සහ 29 දෙදින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙම විභාගය 2020,2021,වෙනුවෙන් නියමිත පරිදි නොපැවත්විණි. දහම් පාසල්වලින් මෙම විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර දහම් පාසල් ප්‍රධානීන් වෙත තැපැල් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

මෙතෙක් එම ප්‍රවේශපත්‍ර නොලැබී ඇත්නම් ඒවා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස දහම් පාසල් ප්‍රධානීන් වෙත සපයා ඇති පරිශීලක නාම හා මුරපද භාවිතා කර බාගත කර ගැනීමට හැකි බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 



අදහස් (3)

දහම් පාසල් අවසානය මේ මස අග

රංබොඩ Saturday, 23 December 2023 09:40 AM

මේ තීරණය කාගේද නොදනිමි. මෙවර උසස්පෙළ කරන දරුවන් ලක්ෂ ගණනකට මේ විභාගයට පෙනී සිටීමට නොහැකිවනු ඇති. උගතුන් යයි සම්මතව උඩ පුටුවල ඉන්න අය මීටවඩා පුළුල්ව සිතා තීරණගත යුතු යැයි සිතමි...!

:       7       2

චින්තක Saturday, 23 December 2023 05:14 PM

මෙහෙම තීරණ ගැනීම දරුවෝ ක්‍රියාශීලී පිරිසක් වීමට හේතුවක් වෙනවා. එහෙම නැතුව පුයර බබාලා වගේ දරුවෝ හදලා මොකටද රංබොඩ උන්නැහේ? තමුන් අහලා නැද්ද අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා... වල්කොළ බිම අතුට නිදි නොලැබ දුක්තකා... කල්ගිය රෙදි වැරැලි ඇද දැලි කුණෙන් වකා... ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා... කියලා... තවත් තැනක තිබුණා කන්ද බලා දිරි නොබිද ගනිව්, කඳුපාමුල සිට සුසුම් නොලව්, අඩියෙන් අඩියට නැගී බලනවිට මුදුනින් මතුවන බව සලකව්... කියලා. එනිසා එන අභියෝග මැඩගෙන ඉදිරියට යන්න කියලා දරුවෝ දිරිගැන්වීම කරන්න මන්දෝත්සාහී නොකරන්න..

:       1       6

Upasaka Sunday, 24 December 2023 11:47 AM

ලිපියේ මාතෘකාව දැක්කාම හරිම බයක් ඇතිවෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site