
(අංජුල මහික වීරරත්න)
රුපියල් දස දහසටවත් පොහොර නොදුන්නොත් හාල් රටින් ගෙනැවිත් රුපියල් තුන් හාරසියයකට විකුණන්නට සිදුවනු ඇතැයි කෘෂිකාර්මික, පොහොර සහ වැවිලි අංශයේ පවතින ගැටළු පිළිබඳ සෙවීමට අග්‍රාමාත්‍යවරයා පත් කළ කමිටුවවෙි සභාපති අකිල විරාජ් කාරියවසම් මහතා කමිටු රැස්වීමේදී පැවසීය.
ඉන්දියා ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් ලබාදීමට එකඟ වී තිබෙන අතර මෙම යූරියා ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 40,00ක් වී වගාව සඳහා ද මෙට්‍රික් ටොන් 20,000ක් අනෙකුත් භෝග වගාවන් සඳහා ද ලබාදිමට අපේක්ෂිත බව ද කමිටු සභාපතිවරයා කීය.
අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.
වර්තමානයේ මෙරට පවතින විදේශ විනිමය ගැටලුව හේතුවෙන් වී, එළවලු, ලොකු ළූණු සහ අනෙකුත් බෝග බීජ අවශ්‍යතාවයට ප්‍රමාණවත් නොවන බව මෙම සාකච්ඡාවෙිදී අනාවරණය විය.
බීජ හිඟ වීම කෘෂිකර්ම ක්ෂෙත්‍රයේ තීරණාත්මක ගැටලුවක් බවත් එම ගැටලුව විසඳීම සඳහා ප්‍රමුඛස්ථානය ලබාදිය යුතු බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිළධාරීහු මෙහිදී පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වොයිස් කට් අවශ්‍ය නැහැ... මහ මැතිවරණයේදී ගෙනාපු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අවස්ථාවක් කරගන්න. විධායක අගමැතිගේ කමිටුවේ බලය තියෙනවනේ..
අවශ්‍ය බීජ රටතුළම හදා ගැනීමට සුපුරුදු කොමිස් කාක්කන්ට සිත් පහළවේවා. කොමිස් කාක්කන් කීවේ රජයේ සේවකයින්ද ඇතුළුවයි.
එහෙමනම් රාජපක්ෂ ආණ්ඩුවටත්, රනිල් ආණ්ඩුවටත් වෙනසක් නැහැනේ. වර්තමානයේ විදේශ විනිමය ගැටලුව මෙතැනට අදාල නැහැ. ඇයි අගමැති රනිල් ආවේත් මේ ප්‍රශ්නය විසඳන්න. දැන් හේතු කියලා හරියන්නේ නැහැ...
රනිල් පුළුවන් කියලනේ බාරගත්තේ... දැන් නැහැ කියලා හරියන්නේ නැහැ... මිනිස්සු ඊළඟ පාර රනිල්ව බේරේ වැවට දාන දවස ළඟ එනවා. ණය ගන්නත් බෑ. ණය ගෙවන්නත් බෑ. යයි අඬඅඬා ඉන්නද ආණ්ඩුව බාර ගත්තේ? ජනතාවගේ විශ්වාසය දිනූ ආණ්ඩුවක් පත්වෙන්න ඉඩහැර ගෙදර යන්න ගුටි නොකා...
කරුණාකර වහාම ගොවිජන සේවා කාර්යාලවල කල්මරමින් සිටින නිලධාරියන් යොදවා ගොවිබිම්වල පස් සාම්පල ලබාගෙන, ඒවට අවශ්‍ය සංඝටක අවශ්‍ය ප්‍රමාණයට පොහොර මිශ්‍රකර පසට ලබාදෙන වැඩ පිළිවෙළක් වහාම ක්‍රියාත්මක කරන්න.. එහෙම කළොත් නිකරුණේ නාස්තිවන පොහොර විශාල ප්‍රමාණයක් ඉතුරුවන අතර අසුවැන්නද වැඩිකරගත හැක. පසත් සාරවත් වේ...
මේ වනවිට ගොවීන් ඉතා අසීරු තත්ත්වයක සිටින්නේ... ඔවුන්ට රුපියල් 10000.00ට පොහොර ගැනීමේ හැකියාවක් කොහෙන් නැත. කරුණු හරිහැටි නොසොයා කරන මෙවන් යෝජනා හාස්‍යජනක වේ. අද අක්කරයක් සීසෑමට රුපියල් 25000.00 පමණද, බිත්තර වී බුසල් 1ක් රුපියල් 3600.00ක් පමණද වේ. වල් නාශක, කෘමීනාශක ඉතා මිලඅධිකයි. තවත් ඵලකට නැති යෝජනා ගෙනැවිත් කෘෂිකර්මය විනාශ නොකර ඵලදායී වැඩක යෙදෙන්න...