(යොහාන් භාසුර, ලක්නව් නුවර සිට)

ආබාධයට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක දසුන් ශානකගේ ස්ථානයට තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ආදේශ කිරීමට තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබුණු බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව පැවසීය.

ලෝක කුසලාන තරගාවලියකදී ක්‍රීඩකයකු ආබාධයට ලක් වීමෙන් පසුව වෙනත් ක්‍රීඩකයකු ආදේශයට කිරීමට නම් එම තරගාවලියේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබීම අනිවාර්යය වේ.

චාමික මේ වන විටත් ඉන්දියාවේ රැඳී සිටින අතර ඔහු අද පස්වරුවේ සිට නිල වශයෙන් සංචිතයට එකතු වීමට නියමිතය.

ඒ අනුව නායක දසුන් ශානකට ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි තරග හතම අහිමිවන අතර දසුන් ඉදිරි දින කිහිපයේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.