(ඩයනා උදයංගනී සහ ලක්ෂ්මි කුඩලිගම)
පවතින වැසි සහිත කාලගුණ තත්වය සමඟ ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, ඇල්පිටිය, නාගොඩ, නෙළුව, බද්දේගම, තවලම සහ යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලත්, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, අගලවත්ත, වලල්ලාවිට, බුලත්සිංහල, පාලින්දනුවර, ඉංගිරිය, මතුගම සහ දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලත් මෙම අවදානම මතුව ඇති බව එම සංවිධානය සඳහන් කරයි.
එම ප්‍රදේශවල කඳු හා බෑවුම් ආශ්‍රිතව ජීවත්වන අය විමසිල්ලෙන් පසුවිය යුතු බවත් එම සංවිධානය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ආවත් හරි. එක්කෝ ඕන නෑ
පුදුම කරුමයක් නේ මේක . එකක් ඇරෙන්න එකක් .