
(අංජුල මහික වීරරත්න)
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine) මහතා අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද(23)සිදුවිය.
මෙහිදී නවසීලන්ත මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ දූෂණය පිටුදැකීමට අරගල කරන වත්මන් රජයේ විනිවිදභාවයෙන් යුතු වැඩපිළිවෙල තම රට අගය කරන බවයි. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ වර්ධනයටත්, සංස්කෘතික කටයුතු පුනරුදයටත්, තිරසර සංචාරක කර්මාන්තය සඳහාත් දායකත්වය ලබාදිය හැකි බවද මහ කොමසාරිස්වරයා කීය.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා කීවේ දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා වත්මන් රජය යටතේ අඛණ්ඩව පවත්වාගෙන යාමට ඉතා සමීපව ක්‍රියාකරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හමුවට ඩේවිඩ් පයින්ද ඇවිත් තියෙන්නේ?
නවසීලන්තේ කැමැත්තෙන් උපදෙස් දෙනවා නම්, හදුන්නෙත්ති උපදෙස් පිළිපදිනවා නම් අපිට පාන්ද ?
මහා කොමසාරිස් තුමනි කතාවේ සාරාංශය මෙයයි , පෙර මෙන් රජයේ නිලධාරීන් විසින් අල්ලස , දුෂණය වංචාව විශාල ලෙස කරගෙන යන අතර , දේශපාලකයන් තමන් තවම සිටින්නේ විපක්ෂයේ යන මානසිකත්වයෙන් , විවිධ පුද්ගලයන්ට චෝදනා කරමින් මාද්‍ය සාකච්චා පවත්වමින් නිකරුනේ කාලය ගත කරන බව පෙනේ , පුරවැසියන් මත විශාල බදු බරක් පැනවි ඇති අතර ඔවුන් අපහස්වෙන් දිවි ගෙවති .
මන් නම් හිතන්නේ රුපියල් හත්දහසේ නිවාස ගැන ඉගෙනගන්න ආවා වෙන්න ඇති. අනිත් ඇමතියාගෙන් එක් ලක්ෂ හැටදාහේ පිරිමියෝ කාර් රථය ගැන ඉගෙනගන්නත් පුළුවන්.
පව් අනේ . කවුද මෙච්චර පිරිසිදු ජෙප්පන්ට දුෂකයෝ කියන්නේ. එන්ඩ එපා හරිය.