
(අංජුල මහික වීරරත්න)
මෙරට සංචාරයක නිරත ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සභාපති ෆ්‍රැන්සුවා වැලරියන් (Mr. François Valérian) මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකෙහිම පවත්නා දූෂණයට එරෙහිව කටයුතු කිරීම සඳහා රජය දරන අඛණ්ඩ ප්‍රයත්නය මෙහිදී ෆ්‍රැන්සුවා වැලරියන් මහතා වෙත පැහැදිලි කළ ජනාධිපති ලේකම්වරයා දූෂණ විරෝධී යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා රජය නව වැඩපිළිවෙළ කිහිපයක්ම ආරම්භ කර ඇති බවත්, ඒවා දැනටමත් සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බවත් සඳහන් කළේය.
අල්ලස සහ දූෂණය තුරන් කිරීම, රාජ්‍ය අරමුදල් ඵලදායී ලෙස භාවිතා කිරීම සහතික කිරීම සහ රට තුළ සුපිළිපන්න සංස්කෘතියක් ඇති කිරීම යන පුළුල් අරමුණු ඇතිව අල්ලස සහ දූෂණය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සඳහාද වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව ජනාධිපති ලේකම්වරයා පැවසීය.
මෙහිදී, අල්ලස සහ දූෂණය වැළැක්වීම සඳහා රාජ්‍ය ආයතන තුළ අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම මෙන්ම, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ හඳුන්වා දුන් පියවරද අගය කළ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සභාපතිවරයා, දූෂණ විරෝධී ඉලක්ක ඉදිරියට ගෙන යාමේදී රජය සහ සිවිල් සමාජය ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළ අතර, ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී වැඩපිළිවෙළට අඛණ්ඩව සහාය දැක්වීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් කැප වී සිටින බවද පැවසීය.
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2032
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දූෂණ මඩින්න ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් අත දෙයි