
(අංජුල මහික වීරරත්න)
නියාමන, ප්‍රසම්පාදන සහ දේශපාලන යන සියලු අංශයන්හි දූෂණ සම්පූර්ණයෙන් අත්හිටුවීම සඳහාත්, ඩිජිටල්කරණය සහ වගවීම පදනම් කරගත් රාජ්‍ය යාන්ත්‍රණයක් තුළින් දූෂණ විරෝධී පිළිවෙත් ක්‍රියාත්මක කරලීම සඳහාත් විශේෂ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ පහසු කටයුත්තක් නොවූවත් සෑම විටම රටට යහපත් දේ සිදු කිරීමට රජය කැපවී සිටින බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා තීරණ කෙතරම් දූෂ්කර සහ වේදනාකාරී වුව ද අනාගත පරපුර වෙනුවෙන් රට යළි ඉහළට ඔසවා තැබීමට හැකි වන්නේ එම දුෂ්කර මාවතේ නිවැරදි ප්‍රතිපත්ති අනුව ඉදිරියට යාමෙන් පමණක් බවද කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලරය කොපමණ අඩු උනත්බ ඩු මිල අඩුවෙනවා වෙනුවට වැඩි වෙන එකයි වෙන්නේ,වෙළෙන්දන් ලේ මාපිල්ලු වගේ,පලමුව මේකට පිළිමයක් අවශ්‍යයි,චීන බුලට් ක්‍රමයට කවුරුත් එකඟයි
ඇතුලේ ඉන්න හොරු ටිකෙන් එක්කෙනෙක් හරි පත්කළොත් ඒ බරපැන දරන්න වෙන්නෙත් අපිටම තමයි...
ඔය කාර්ය සාධක බලකායට පත්කරන්නේ දූෂිතයින්ට ගොට්ට අල්ලන අය නිසා ඕකෙන් ඇති වැඩක් නැහැ.
වැඩේ හොදයි. ඒත් දූෂණ මඩින කාර්ය්යසාදන බලකාය පිලබදව හොයන්නත් බලකායක් දැම්මොත් හොදයි.
බලකායේ ඉහලම තනතුර දේශපාලන මැටි මෝලෙක්ට දෙයි. ඊට පස්සේ වෙන හරිය හිතා ගන්න පුලුවන් . අගෙයි අගෙයි ජනපතිතුමනි ...
ගෝනවල සුනිල් හිටියානම් නම් කරන්න තිබුනා දැනට ඉතිරිව ඇත්තේ අර්ජූ න් මහේන්ද්‍රන් පමණ්යි.
වැඩක් කරන්න බැහැ. පක්ෂයට වෙච්චි දේත් දැක්කනේ. ඒක නිසා ඡන්දයක් තියන්න. පුළුවන් කෙනෙක් පත්වෙයි.
අතීතයේ සිදුවීම් ඔට්ටු නැහැ, දැන් අලුත් ගමනක් 2048 ට...
ඕක ස්ථාපිත කරන්න ඕනෑ පාර්ලිමේන්තුව තුළ... ඔතන තමයි විෂබීජ සියල්ල තියෙන්නේ.
බලලෝබි බඩගෝස්තරවාදි දූෂිත දේසපාලුවෝ කවද්ද දූෂණ මඩින්න වැඩ කෙරුවේ .රටේම ඉන්න පට්ට හොර දූෂිතයෝ දේසපාලුවෝ ,රටම හොරාකාපු එවුන්?
ඔය බොරු බයිලා කියා අප රවට්ටන්න එපා.