(අංජුල මහික වීරරත්න)
සමස්ත රටේම අපේක්ෂාවක් වූ දුෂණ විරෝධී පනත යටපත් කිරීමට යම් බලවේගයක් උත්සාහ දරන්නේ නම් එම බලවේගය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පැවසීය.
රාජ්‍ය අංශයෙන් අල්ලස හා දූෂණය තුරන් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ මේ වන විට ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදුවෙමින් පවතින බවත් නව පනත හරහා එම කටයුතු වඩාත් විධිමත් වන බවත් ජයමාන්න මහතා කීය.
ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා මේ බව කීවේ ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කරන '101 කතා' වැඩසටහනට එක්වෙමිනි.
අල්ලස හා දූෂණය සටන් පාඨයක් කර ගැනීමට ඉඩ නොතබා ඒවා මර්දනය කිරීම පිණිස මෙවලමක් ලෙස දූෂණ විරෝධී පනත ගෙනවිත් තිබෙන බවත්, නව දූෂණ විරෝධි පනත හරහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ පූර්ණ ස්වාධීනත්වය තහවුරු වන බවත් සරත් ජයමාන්න මහතා කීය.
බැඳියාවන් අතර ඝට්ටනය, පුද්ගලික අංශය, අල්ලස් දූෂණය නිවාරණය ආදී සුවිශේෂ අංශ සඳහා බලය මෙම පනතින් හිමි වෙන බවද එසේම ඉතිහාසයේ ප්‍රථම වතාවට රජයේ විධායක නිලධාරීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉලෙක්ට්‍රොනික ක්‍රමයට අල්ලස් කොමිෂන් සභාවට ලබා දීම මෙමඟින් සිදු වෙන බවද ජයමාන්න මහතා සඳහන් කළේය.
එසේම කළින් කළ වැරදි සම්බන්ධයෙන් දැනටමත් අල්ලස් කොමිෂන් සභාව විමර්ශන ආරම්භ කර තිබේ නම් පැරණි නීති යටතේම විමර්ශනය කර ඒ යටතේම දඬුවම් කළ හැකි වන පරිදි මේ පනතේ සංක්‍රාන්ති ප්‍රතිපාදන තිබෙන බව සරත් ජයමාන්න මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ඉන්න දූෂිතයෝ දැනටමත් ජනතාවගෙන් කොන්වෙලා හමාරයි. දැන් ඔවුන් හදන්නේ එක එක බොරු විරෝධතා ගෙනත් පනත කල්දමාගෙන හොරකම්වලින් ගැලවී යන්න ජනතාව පාර්ලිමේන්තුව වටකොට උද්ඝෝෂණ කළ යුත්තේ මෙම පනත වහාම සම්මත කරගෙන ලබන මාසෙ සිට ක්‍රියාත්මක කරගන්න.
හොරාගෙ අම්මත් එක්ක ගහන පනත්… පිස්සුනේ..
ආයෙත් ජනතාවගෙන් කොන් වෙන්න දෙයක් නැහැ .කොන්වෙලා ගොඩාක් කල්.ජනතාවගේ උදහසට ලක්වෙලා ශාපයට භාජනය වෙලා ඉන්නේ.එකෙකුටවත් ආයෙත් ගැලවීමක් නැහැ