
(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
ආනයනික කිරිපිටි මිලට සමගාමීව දේශීය වශයෙන් නිෂ්පාදනය කරන කිරිපිටි මිළද ඉහළ දැමීමට සිදුවන බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන , කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා අද (10) වාරියපොළ දී පැවසීය.
කිරිපිටිවල මිල පාලනය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය දැනුම් දීමේ අරමුණින් කැදවා තිබූ මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා එසේ කීය. මෙම මාධ්‍ය හමුව සදහා මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතාද එක්ව සිටියේය.
අපි 2020 නොවැම්බර් මාසයේ ලංකාවට කිරිපිටි ආනයනය කරන කොට ඒ කිරිපිටි මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 2985 යි. අද වනවිට ආනයනික කිරිපිටි මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 3749 ක් දක්වා වැඩිවෙලා තියෙනවා. ඒ අනුව මේ වනවිට කිරිපිටි මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 764 කින් වැඩි වෙලා. ඒ වගේම අද ලෝකයේ පවතින තත්වය අනුව අපිට ඩොලර් හිගයක් තිබෙනවා. නැව් ගාස්තු වැඩිවෙලා තියෙනවා.
මේ කාරණා එක්ක මෙරට කිරිපිටි ආනයනකරුවන් රජයෙන් ඉල්ලීමක් කළා කිරිපිටි මිළ ඉහළ දමන්න කියලා. ඒත් එක්කම අපි පාරිභෝගිකයින් ආරක්ෂා කරන්නත් ඕනෑ. ඒ අනුව අපි කිරිපිටි වල මිළ පාලනය ඉවත් කළා.
විශේෂයෙන්ම ව්‍යාපාරිකයින් සහනදායී පසුබිමක් මත පාරිභෝගිකයින්ට කිරිපිටි ලබාදීමේ පරිසරයක් හදන්නට පාරිභෝගික කටයුතු අමාත්‍ය ලසන්ත අලගියවන්න ඇමතිතුමත් කටයුතු කරනවා.
අතිගරු ජනාධිපතිතුමා අපට උපදෙස් දීලා තියෙනවා මෙම අවස්ථාවේ දී පාරිභෝගිකයත් දේශීය කිරි නිෂ්පාදකයත් ආරක්ෂා වන අයුරින් කටයුතු කරන්න කියලා.
ඒ අනුව ලසන්ත ඇමතිතුමත් විෂය බාර අමාත්‍යවරයා ලෙස මමත් සාකච්ඡා කරලා කිරිපිටි මිළ සම්බන්ධයෙන් තීරණයකට එළැඹුනා.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව අපේ කිරි නිෂ්පාදනය වැඩි කරන්නත් දියර කිරි වැඩි වශයෙන් ජනතාවගේ පරිභෝජනයට සපයා දීමටත් අපි අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවිපළ ප්‍රවර්ධන කිරි හා බිත්තර ඇමති කිව්වාම අඩුවක් පේනවා. ඒ නිසා එයට කිරි, බිත්තර, බටර්, චීස්, මස් වර්ග හා කුකුල් පොහොර, එළුබෙටි පොහොර, ගොම පොහොර නිපදවීම බාර ඇමති කියන්න..
පෝර නැතුව කැලේ වැවෙනවා නම් අනිත්වා බැරි මොකද කියලා අහපු කෙනෙක් තමයි මේ...!
දේශීය නිෂ්පාදනත් සමගාමීව වැඩි කරන්න හේතුව කුමක්දැයි පැහැදිලි කර නැත.
මිල වැඩිවීම කොපමණද කියලා සඳහන් කරලා නැහැ. පේන විදිහට විදේශීය කිරිපිටි වල මිල ඉහළ ගිය ප්‍රමාණයෙන්ම වෙයි. ජනතාව කපෝතියි.
දේශීය කිරිපිටි මිල වැඩි කිරීමේ හේතුව කුමක්ද ? මීට ඩොලර් බලපෑමක් නැති නිසා මිල වැඩි කිරීම ඉතාමත් අසාධාරණයක්. මේ සම්බන්ධයෙන් රජයේ සහ අපේ රාජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු වේවා. මෙලෙස හිතු මතේ මිල වැඩි කිරීම රජයට ජනතා විරෝධය පළ කිරීමට ගෙන යන වැඩපිළිවෙළක් ද ?
ආනයනික කිරිපිටි මිල ඉහල යනවානම් කලයුත්තේ දේශීය කිරිපිටි නිෂ්පාදනය ඉහල නංවා කිරිපිටි සුලභ කිරීමයි. එසේ නොකර දේශීය කිරිපිටිත් කිසිදු හේතුවක් නැතිව ආනයනික කිරිපිටි මිලට සමාන කරන්න යනවා කියන්නේ මොවුන්ගේ අරමුණ නිෂ්පාදන ඉහල නැංවීම නොව ජනතාවගේ පොකට්ටුවට විද තව මුදල් ටිකක් ගසා කෑමයි.
ඔහොමම ගෙදර ගිනින් නිදා ගන්න, ඉන්න එකේ තේරුම මොකක්ද.?
අඩු ගානේ දේශීය කිරිපිරි ටිකවත් දුප්පත් දරුවන්ට දෙන්න තිබුනා අඩු මිලට. මුන් මහා සංගයා වහන්සේලාත් මුලා කරගෙන දුප්පත් ජනතාව නැති කරනවා .නේද හාමුදුරුවනේ කිය කියා බයිලා ගහනවා
අපේ කිරි නිෂ්පාදනය වැඩි කරන්නත් දියර කිරි වැඩි වශයෙන් ජනතාවගේ පරිභෝජනයට සපයා දීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් ගන්න බැසිල් කිරි ගැන විශේෂඥයෙක් ද?
ජනපති අගමැති මුදල් ඇමති කියන්න ඕන ඒ ඒ අංශ වල නිෂ්පාදනය වැඩිකරගන්න. කොහොමද දන්නේ නෑ එක සැරේට කිරි නිෂ්පාදනය වැඩි කරන්නේ. අම්මලාගේ කිරිටික අරගෙනද? මේ ඇමතියෝ වැඩකට නැති රෑනක්. අනික කිරි පට්ටි පාලනය කියන්නේ මස් කර්මාන්තය ඉහල නැංවීම.