
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත් කරනු ලැබීය.
මෙම කමිටුවේ සභාපති ලෙස පත්කරනු ලැබ සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාය.
එහි සෙසු සාමාජිකයන් ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති අභියාචනාධිකරණයේ හිටපු විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක යන මහත්වරු පත්කරනු ලැබ සිටිති.
මෙම කමිටුව අද හෙටම වැඩ අරඹනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම කමිටුවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති නීල් ඉද්දවල මහතා පත්කර ඇත්තේ අගමැතිවරියගේ සහ විපක්ෂ නායකවරයාගේ පූර්ණ එකඟත්වයෙනි.
මෙම කමිටුව හමුවට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද ඉදිරියේදී කැඳවෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට අදාල යෝජනාව පාර්ලිමේන්තුවේදී පසුගිය8 වැනිදා වැඩි ඡන්දයෙන් සම්මතවිය.
මෙම ත්‍රිපුද්ගල කමිටුව සිය විමර්ශන කටයුතු අවසන් කිරීමෙන් පසු අවසන් වාර්තාව කතානායකවරයාට බාරදිය යුතුව ඇත. පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් නෙරපීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ ඉන් අනතුරුවය.
2025 නොවැම්බර් මස 04
713
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2383
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුව පත් කරයි
The Three Idiots Wednesday, 23 April 2025 07:14 PM
දෙන්නෙක් නම් හොඳයි. අනික්කෙනා ... අනේ මන්ද කෙනෙක්.
අරවින්ද මොණරවිල Thursday, 24 April 2025 11:54 AM
දේශබන්දුගේ පැටිකිරියේ අලුතින් හොයන්න දෙයක් නැහැ. ඒක කොළයක ලියන්න යන වෙලාව විතරයි කොමිසමට අවශ්‍ය.
Kamal Koyrala Thursday, 24 April 2025 11:57 AM
රනිල්ගේ මාර්ගයම තමයි මොහුගේ පැටිකිරිය වේදිකාවල පට්ට ගහලා සහ සියල්ලෝම දන්න දේට කමිටු මොකටද? මේ වාර්තා එනවිට ආණ්ඩුව කල්පිරිලා.