
(ඉන්දිකා රාමනායක සහ යොහාන් භාසුර)
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීමක් ලබා දෙන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.
අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනා ගෝ ගමට සහ ගාලුමවුදොර ගෝඨා ගෝ ගමට ඉකුත් (09) දින එල්ල වු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අනුකූලව මෙම ස්ථාන මාරුවීම ලබා දෙන ලෙසට උපදෙස් ලබා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශබන්දු මහතා ඔහුගේ ඉහළ නිලධාරීන් දෙදෙනාගේ අණ පිළිපැද්දා පමණයි. රටේ නීතිය ක්‍රියාත්මක නොකළේ ඒ දෙදෙනාටයි. ඒ දෙදෙනාට තමයි නීතිය අවශ්‍ය විය යුත්තේ...
සේවයෙන් ඉවත් කළ යුතුයි..
රාජ්‍ය සේවකයෙක් ලෙස දේශබන්දු මහතා සිය රාජකාරිය බරපතල ලෙස පැහැර හැර ඇත. එබැවින් ඔහුට එරෙහිව ආයතන සංග්‍රහයේ විනය කාර්ය පටිපාටිවලට අනුව විනයානුකූලව දඬුවම් කළ යුතුය. ඵය පොලිස් කොමිසම විසින් සිදුකළ යුතුයි...
ඔවුන්ට විරුද්ධවත් ඇඟිලි දික් වෙලා තියෙන නිසා ඔය එක්කෙනෙක් වත් ඉන්න තැන් වල තියලා සාධාරණ පරීක්ෂණයක් සිදු වෙතැයි හිතන්න අමාරුයි.
තම වගකීම නිසිලෙස ඉටු නොකළ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව යම් ක්‍රියා මාර්ගයක් ගත්තත්, තම වගකීම නිසි ලෙස ඉටු නොකර රටක්ම විනාශ කළ ජනපතිවරයාට එරෙහිව යම් ක්‍රියාමාර්ගක් ගැනීමට නීතියේ ඉඩක් නොමැති වීම තේරුම් ගත නොහැකියි. වර්තමාන අර්බුදයට වැරදිකරුවා ඔහු බව තර්කයක් තිබිය නොහැකියි. අඩුම වශයෙන් තම ආත්ම ගෞරවයවත් රැක ගෙන ඉල්ලා අස්වෙන දේශපාලකයන් ශ්‍රී ලංකාවේ නොමැති වීම ලැජ්ජාවට වගේම කණගාටුවටද කරුණකි.
බන්දනාගාරයටද?