
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 19 වැනිදා පෙනී සිටින ලෙස තෙන්නකෝන් මහතාට පළමු වතාවට දැනුම් දී ඇත.
මේ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා නීතිඥවරුන්ද සමග එම කමිටුව හමුවේ එදින පෙනී සිටිනු ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති අභියාචනාධිකරණයේ හිටපු විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒක නායක යන මහත්වරු කටයුතු කරති.
මෙම කමිටු සාමාජිකයන් පාර්ලිමේන්තුවේදී දින පහක් පමණ රැස්වී මේ පිළිබඳව විමර්ශන පවත්වා ඇත.
විමර්ශනවලදී අනාවරණය වන තොරතුරු අනුව පොලිස් නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරින් පිරිසක්ද මෙම කමිටුව හමුවට කැඳවීමට නියමිතය.
මෙම ත්‍රිපුද්ගල කමිටුව පත් කෙරුණේ පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණු යෝජනාවකින් අනතුරුවය.
කමිටුව දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ අවසාන වාර්තාව කතානායකවරයාට භාර දීමට නියමිතය.
දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ ඉන් අනතුරුවය.
2025 නොවැම්බර් මස 04
692
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දේශබන්දු මැතිසබා කමිටුවට 19 කැදවයි