
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීම සඳහා ඔහුට එරෙහි චෝදනා විමර්ශන කළ පාර්ලිමේන්තු පරීක්‍ෂණ කමිටුව නිර්දේශ කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
එම කමිටු වාර්තාවෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහි විෂමාචාර චෝදනාවලට වරදකරු කර ඇතැයිද කතානායකවරයා සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි විසමාචාර චෝදනා විමර්ශන කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව ඉදිරිපත් කරමිනි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම පාර්ලිමේන්තු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති හිටපු විනිසුරු ලලිත් ඒකනායක යන මහත්වරු කටයුතු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දැනටමත් තීරණය දන්නවා. ඒක හරියට රජයේ පුරප්පාඩුවක් සඳහා විධිමත් දැන්වීමක් වගේ. ඒ පුද්ගලයා දැනටමත් තෝරාගෙන තිබුණත්, දැන්වීම විධිමත්භාවය සහ ක්‍රියා පටිපාටිය සඳහා පමණයි.
හරි එහෙනම් කියපු විදියටම කරාට ස්තුතියි. පොරොන්දු වෙච්ච තනතුර ලැබෙයි.
නෙරපලා විතරක් මදි, වැරදි කරලා තියෙනවානම් දඬුවම් දෙන්නත් ඕනේ
මේවා ඉතින් කලින් ලියපු කතානේ. පස්සේ කියෙව්වාට. අර නළුවා ඉස්සරහා වැඳ වැටිච්චි කෙනා දැන් ලොකු තනතුරක. ඕනෑ අයනේ දැන් තනතුරු දරන්නේ... මේ වගේ කෙළවරක් වෙන දවසක් එයි. අපි බලා ඉන්නවා.
පක්කලි කොමෙන්ට් කාරයෝ වැඩ පටන් අරං, මොකද යෝගා, ගුණේ පමා?
වැරදි කරලා තිබෙන බවට සාධාරණ සැකයක් තිබෙනවා නම් අර වාස් ගුණවර්ධනට කළා වගේ, වහාම අත්අඩංගුවට අරන් නඩු විභාගේ පටන් ගන්න. මෙය රටින් පලායාමේ විශාල අවධානමක් තිබෙනවා. එක පාරකුත් උසාවිය මගහරිමින් ඉඳලා මාසෙකට විතර පස්සේ ඉදිරිපත් වුනේ...
දේශබන්දුව පන්නන්න තිබුණේ මීට බොහෝම කාලයකට පෙර, ඒ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වෙලා ඉන්න කාලයේ ! පරක්කු වෙලා හරි නිවැරදි තීරණයක් ගත්ත එක හොඳයි, දැන් මෙයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගන්න ඕනෑ.
මාලිමාවට ඕන දේ වුණා නම් එච්චරයි. වෙන මොනවාද?
අසේල, යෝගා, ගුණේ අයියා, සීයාගේ ලොන්ඩරියට හෙන වැදිලා.
සිද්දාලේප බන්දුවා.. කොමෙන්ට්ස් කරන වහලුන්ට නම් අවුල් ඇති...
දැන් පුළුවන් අච්චු කරන්න. එහෙම නේ..?
ඉතින් ටිරාන් අලස්ව අල්ලන්න ඕනෑනේ...
මූව පොලීසියෙන් එළවන්න තිබුණේ මූ සහකාර පොලිස් අධිකාරී කාලේ. දේශපාලුවන්ගේ පස්සෙන් ගිහින් පොලිසියේ ඉහල තනතුරු ලබාගත්තා ඔවුන්ගේ බලු වැඩ කර කර
මෙවන් අයගේ පිංතුර නිල ඇදුමෙන් තොරව දමන්න. කරපු තරමක් නොහොබිනා වැඩ කරලා දරැවන්ට ගින්දර දුන්න තිරිසන් මිනිහගේ මුහුන පමනක් දමන්න.
ඩොබිලාගේන් රට බේරාගෙන රට හරි මගට ගන්න එකත් අභියෝගයක්. ජය වේවා...
නීතිය අවභාවිතා කළාට දැඩි දඬුවම් දෙන්න ඕනේ
මේ මිනිහාව පොලිසියට බැඳෙන විට තිබූ රෑන්ක් දක්වා පහල දැමිය යුතුයි .දඩ මුදල අය කර ගත යුතුව ඇත