ශ්‍රී ලංකාවේ පැන නැගී ඇති දේශපාලන අර්බුදකාරී තත්ත්වයට විරෝධය දක්වමින් ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි දකුණු ආසියානු විශ්ව විද්‍යාලයන් හි ඉගෙනුම ලබන ලාංකික සිසුන් පිරිසක් නිහඩ විරෝධතාවයක නිරත වී ඇතැයි ඉන්දියා ටුඩේ පුවත්පත අද (31) වාර්තා කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර නව අග්‍රාමත්‍ය ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාමාර්ගයක් ලෙස පවසමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සිසුන් විරෝධතාවයේ නිරත වූ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
ජනාධිපති විසින් ප්රතන්ත්රවාදී සම්ප්‍රදායන්ට ගරු කරමින් පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවද එම සිසුහු පෙන්වා දෙති.
මේ සම්බන්ධව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත ලියූ ලිපියක් නව දිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නියොජ්‍ය මහ කොමසාරිස්වරයා වෙත බාර දෙන ලදී.
සිසුන් 1000 කට අධික සංඛ්‍යාවක් විසින් අත්සන් කරන ලද ලිපියේ මෙසේ සඳහන් වේ.
"අගමැති රනිල් වික්රිමසිංහ ඉවත් කිරීම හා මහින්ද රාජපක්ෂ පත්කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන දර්ශනය තුළ වර්ධනය වෙමින් පවතින අවිනිශ්චිතතාව පිළිබඳව නවදිල්ලියේ දකුණු ආසියානු විශ්ව විද්‍යාලයේ සිසුන් වන අපි සැලකිලිමත් වෙමු. පාර්ලිමේන්තුවේ දී බහුතරයක් නොමැතිව රහසිගතව සිදු කර ඇති මෙම ක්‍රියාව දැනටමත් ජනතාවගේ ජීවිතවලට සැලකිය යුතු බාධාවක් වී ඇති අතර ජීවිතද බිලිගෙන ඇත. මේ මොහොතේ ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම ක්‍රියාමාර්ගයේ නීත්‍යනුකූලභාවය ගැන අපි විවාද කරන්නේ නැත. ක්රියාකාරීත්වයේ ආචාර ධර්ම හා රට අස්ථාවර කිරීමට ඇති දේශපාලන අවිනිශ්චිතභාවය ගැන අපි සැළකිලිමත් වෙමු. "
(125)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොල්ලනි කෙල්ලනේ නොදන්නා මගුල්වලට අත නොදා ඔබලාගේ ගිය වැඩේ කරගන්න. රනිල් හිටියොත් උඹලාට නැවත එන්න වෙන්නේ ඉන්දියාවේම කෑල්ලකට එකට උඹලා කැමති ඇති නමුත් අපි කැමති නැත.
ලොකු ගානක් ලැබෙන්නේ ඇති මේක සංවිධානය කරන්න. මේ වගේ අය අතීතයේත් ඉදල තියෙනවා.
ඔබලාට තේරෙන දේ මෙහි සමහර දෙනාට තේරෙන්නේ නැහැනේ දරුවනේ. වැල යන පැත්තට මැස්ස ගහනවා මිසක්.ඔබ වැනි බුද්ධිමත් දරුවන් දකීමම සතුටක්.රනිල් ගැන හෝ මහින්ද ගැන අපට ප්‍රශ්නයක් නැහැ.දෙන්නාම අපේ නායකයන්.ඒත්, සිරිසේන කල මේ කැත වැඩේ හොඳ නැහැ. පාර්ලිමේන්තුව කැඳවා ජනතා පරමාධිපත්වය ආරක්ෂා කිරීමට අනෙකුත් මහජන නියෝජිතයන් වගබලා ගත යුතුයි.
අනාගත සැලසුම් ක්‍රියාත්මක කර ගන්න බැරිවෙන නිසා දුක ඇති. ඉගෙන ගන්න ගියානම් ගිය වැඩේ කරගෙන එන්නේ නැතුව මෝඩ වැඩ කරනවා.
ෂුවර් එකටම අවම සුදුසුකම් නැති සෙටි එකක්.. රනිල් යවපු ශිෂ්‍යත්ව දීලා නැත්නම් ඒ අය බය කරලා.. අර යාපනයේ සිසුන්ට වද දෙනකොට බුදු පිළිමයක් තිබ්බා කියලා නේවාසිකාරයේ පන්ති තහනම් කරනකොට කොහෙද හිටියේ? මේ එ්ක නෙමේ ඔයාලත් අර ඩී.අයි.ජී. නාලක වගේ හොර උපාධි ගන්න ගිය සෙට් එකක්ද.?
බළලා මල්ලෙන් එළියට පනී කියන්නේ මේ වගේ කතාවලට මේ අය ගිහිං තියෙන්නේ... දේශපාලන තල්ලුවට මිසක් සුදුසුකම්වලට නොවන බව තහවුරු වෙනවා..
කොටි හඬ..!!
ඉන්දියාවට ගියාට පස්සේ අයගේ මොළයත් නැති වෙලාද කොහෙද?
බමුණුආරච්චි, දර්ශන, කන්දෙපොල නියමයි. තමන්ට තියෙන දැනීම උඩ තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමත් ප්‍රශ්නයක්ද? ඔබලා පමණක් සියලු දේ දත්ද? තමන්ගේ සැලසුමට පහර වදිනකොට හිතට දුකද? මේක අනික් පැත්තට වුණානම් ඔබලා දාන ප්‍රතිචාරය කුමක්ද? මතක තබා ගන්න තරුණ පිරිස් බොහෝ සෙයින් උපකාරී වුණා සිරිසේන ජනාධිපති වෙන්න. වැඩි ඈතක නැහැ මුළු තරුණ පිරිසිම ඡන්දය දමන එක නවත්වනවා. ඔක්කොම හොරු. තමන්ගේ සුභ සිද්ධිය පමණයි හිතන්නේ. මේ කිසිම කෙනක් අපිට ආදරය කරන්නේ නැහැ. තමන්ට හා තම වරිගයාට හැර. පහුගිය දවස්වල හරි හරියට වැස්ස නිසා මේ දවස්වල හරියට පාර්ලිමේන්තු ගෙම්බෝ බක බක ගගා එහාට මෙහාට පනීවි. කළු සල්ලි සුදු සල්ලි වෙනවා බලන් ඉද්දි. ජනාධිපතිතුමා "ෂීසෙල්ස්" ගියේ මේකටද දන්නේ නැහැ. ජරාජීර්ණ වුණ දේශපාලනයක් ලංකාවේ තියෙන්නේ. හිතට හරිම වේදනාවයි. ඇයි අපිට විතරක් මෙහෙම දේශපාලකයින් ඉන්නේ කියලා. ඔවුන් හිටපු තත්වයයි දැන් ඉන්න තත්වයයි බලන්න. මහජන සේවකයෝද? අපේ ලේ උරා බොන කුඩැල්ලන්...
බමුණුආරච්චි මහත්තයෝ.., මෙයා රනිල්ගේ හෝ මහින්දගේ ප්‍රශ්නයක් නොවේ... ජනාධිපති කරපු ප්රජාතන්ත්රවිරෝධී ජඩ ක්‍රියාව අපි සියලු දෙනා විසින් පක්ෂ, පාට, ජාති ආගම් භේදයකින් තොරව හෙලා දකිමු. නියම විශ්ව විද්‍යාල දරුවන්ට හිස නමා ආචාර කරමු...
සුමිත්, බමුණුට, දර්ශනට, කන්දෙපොළට තේරෙන දේ ඔබට තේරුම්ගන්ට බැරුවට කුමක් කරන්නද? සමහරවිට තේරුණත් අන්තවාදීකමින් සියල්ල නොතේරුණු ලෙසට සිටිනවද දන්නේ නැහැ. කුමක් වුවත් රනිල් මහත්තයා දේශීය දේ විකුණගෙන ගිය හැටියට තව මාසයක් එයා අගමැතිකමේ සිටියානම් දකුණු ආසියාවේ ළමයින්ට එන්න වෙන්නේ ඉන්දියාවේ කෑල්ලකට තමයි. එයා හරි... ගෝලයෝ බාලයෝ වෙලා වියත්හු සියත්හු වෙලා පෝස්ටර් අල්ලාගෙන හිටියට කෑගැහුවට වැඩක් නැහැ. මොලේ පාදාගෙන අනාගතය සැලසුම් කර ගත්තේ නැත්නම්.... අනෙක් අයටත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි. අපි බොහෝ දෙනෙක් අපේ රටට ආදරෙයි.
අහිංසක මිනිස්සුන්ට ලංකාවේ කන්න විදිහක් නැහැ. මේ රැළ රට සවාරි..
විශ්වා, හරියටම කිව්වා..
ඔය ළමයි හොඳට ඉගෙනගෙන එන්නකෝ. අපේ නාමල් සර් ඔයාලට ජොබ් දෙයි... බයවෙන්න එපා
මේ වගේ වහල්ලු හිතන්නේ අනිත් අයටත් එයාලට වගේම වහල් මානසිකත්වය තියෙන්නේ කියල!