(ශාන්ත ප්‍රදීප් කුලරත්න)
වසර පහළොවක විස්සක සිට මේ රට ජාතිය ආගම වෙනුවෙන් කළ මෙහෙවරට අවසානයේදී ලැබුණේ හිරේ විලංගුවෙ වැටීම පමණක් බවත් රට අනතුරේ වැටී ඇති වෙලාවක මේ රටේ තරුණ පිරිස සහ මහා සංඝරත්නය ඉවසීමෙන් හා බුද්ධිමත්ව ක්‍රියාකළ යුතු බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ.
ඥානසාර හිමියන් ජනාධිපති සමාව යටතේ බන්ධනාගාරයෙන් නිදහස්වීමෙන් අනතුරුව කොට්ටාව රුක්මල්ගම ධර්මවිජයාලෝක විහාරස්ථානයට පැමිණ පූජ්‍ය ඉත්තෑපානේ මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මේ බව කීහ.
අනතුරුව උන්වහන්සේ මෙසේද පැවැසූහ.
‘‘මේ රට අද වන විට දැඩි අනතුරක නිරතවෙන්නේ. ඒ බව වසර පහක සිට අපි කිව්වා. ඒ වෙලාවේ අපිට නොර්වේ ප්රොජෙක්ට්කාරයෝ කීවා.ඩීල්කාරයෝ කීවා.කුමන්ත්‍රණකාරයෝ කීවා.ඒත් අපි ඒ දේවල් රටට හෙළි කළා.
අපේ චරිත ඝාතනය කළා.අන්තිමට නොමරා මැරුවා.හිරෙත් දැම්මා.ඒත් අද සත්‍ය ජයඅරන් තියෙනවා.මේ වෙලාවේ ජනාධිපතිවරයා ගත්ත තීන්දුවට ස්තූතිවන්ත වෙනෙවා.මොකද අවුරුදු 19 ක් ලබාදුන් සිරදඬුවම ජනාධිපති සමාව යටතේ ලබා දීම පිළිබඳව.
මේ වෙලාවේ මම කිවයුතුයි, මාව නිදහස් කරන්න එපා කියලා මේ රටේ සහ විදේශයන්ගෙන් සහ අපිත් සමඟ හිටිය අය කියලා තිබුණා.එවන් තත්ත්වයක් මත මා නිදහස් කිරීම පිළිබඳව ජනාධිපතිවරයා ඇතුළු සියලුම රට වැසියන්ට ස්තූතිවන්ත වෙනවා.
මේ වෙලාවේ අපි මේ රටේ ජනතාවගෙන ඉල්ලා සිටින්නේ විවිධ පාර්ශ්ව ඇවිත් අපේ ගමන කඩාකප්පල් කරන්න ගැටුම් හදන්න හදයි.ඒ නිසා මේ රටේ තරුණයන්ගෙන් සහ මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටිනවා ඉවසීමෙන් හා බුද්ධිමත්ව ක්‍රියා කරන්න කියලා.‘‘






(ඡායාරූප - ලහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් පන්සලකට වෙලා දැහැමිව ඉන්න! රටේ ආරක්ෂාව ආණ්ඩුව පොලිසිය සහ ත්‍රිවිද හමුදාව බලාගනීවි. බොදුදහම මේරටේ සදහටම තිබෙනවා. ඒක නැතිකරන්නට කිසිවෙකුට බැහැ.
හිරේට ගියේ අධිකරණයට හා විනිසුරුට තර්ජන හා අපහාස කිරීම නිසාය. ඒ ගිහිල්ලත් හිටියේ බන්දනාගාර රෝහලේ.
යහපාල නීතිය නවලා නිදහස් කලේ ඡන්දය බලාගෙනයි.... ලැබෙයි ලැබෙයි ඇපයත් නැතිවෙන්නම ලැබෙයි ..
මේ ස්වාමින් වහෙන්සේට තිබෙන චෝදනා මේ වගේ හිර දඩුවමකට සුදුසුද? අපෙගේ ටැමිල් සහෝදරයන් කියන ආකාරයකට හයිබ්‍රිඩ් අධිකරණ මේ රටට අවශ්‍ය බව මගේ අදහස.
හාමුදුරුවනේ හිරේ විලංගුවේ වැටුනේ දශක දෙකක් කල් සේවයට නොවේ . මේ රටේ නීතියෙන් දඬුවම් කල හැකි වැරදි කල නිසයි . වැරදි කලොත් දඬුවම් ලැබිය යුතුයි නේද ?
ජනාධිපතිතුමනි, ඔබට පිං. ඔබේ වැරදි අපමණ තිබුණත් හොඳ වැඩට අනිවාර්යෙන් ඒ ගෞරවය ලබා දිය යුතුයි.
මේ වෙලාවේ නිදහස් කරන්නේ වෙන අරමුණු තියාගෙන. කල්පනාවෙන් සිටින්න. ලොකු දේකට අර අදින්න යන්නේ. ඉත්තෙක් නොවෙන්න. මැතිවරණය තියෙන තුරු සිටින්න
රටට හෙළි කලේ මොනවද? හෙළි කළා නෙවෙයි එලි කළා. ජාතින් ආගම් කෙටෙව්වා. අන්තවාදයට පාර කැපුවා. ඇතුලට දාපු නිසා පහුගිය කාලේ ඇතිවුණු ගිනි එහෙම නිවා ගන්න පුළුවන් උනා. දැන්නම් ඉතින් එහෙම ගිනි නිවන්න ලේසි වෙන එකක් නැති වෙයි.
දරුවෙක් මල්ලෙක් නැති, අනාගතයක් නැති, මැරෙනකල් රටකන්න විතරක් හිතාගෙන ඉන්න රටේ පාලකයින් පිස්සු වැඩ කරනකොට ඉතින් මොනවා කරන්නද?
හිරේ ගියේ අධිකරණයේදී විනිසුරුවරයාට බැනපු නිසානේ... රාජපක්ෂලා බලයේ නැහැ කියලා අමතක වෙලා ඒ කාලේ පුරුද්දට බැන්නනේ....
රටේ සියලු ප්රගතිශීලී ජනතාව ඒකරාශී කොට බොදු බල සේනාව ශක්තිමත් කල යුතුයි.
"දශක දෙකක මෙහෙවරට ලැබුණේ සිර දඬුවමයි" ඔය සිද්දිය අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට පමණක් සිදුවූ අලුත් දෙයක් නොවෙයි. ඔබවහන්සේ දඬුවම වින්දේ මාස 8 වැනි සුළු කාලයකටය. ඔබ වහන්සේගේ වචනයට සවන් නොදීමේ වරදට අපි මුළු ජීවිත කාලයටම දඬුවම් විදින්නේය. ඔබවහ්සේගේ දඬුවම් කාලය අපලයක් ගෙවුණු කාලයක් හැටියටයි මම සලකන්නේ.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට... මේ රටේ අන්ධයෝ වගේ හිටපු බොහෝ දෙනෙක්ගේ ඇස් දැන් ඇරිලා. ඔබ වහන්සේලා බොරු ප්‍රශ්නයක් මවා පාන්න හදනවා කියපු අයට දැන් ප්‍රශ්නේ හොඳටම පෙනිලා තියෙන්නේ.
හිර දඬුවම ලැබුනේ 'අධිකරණයට අපහාස කිරීම' කියන චෝදනවාට මිසක් දශක දෙකක මෙහෙවරට නොවෙයි.
දැනට ලංකා පොලෝතලයේ වැඩිම ප්‍රසාදයකට ලක්වෙලා තියෙන බික්ෂුව සහ එකම පුත්ගලයත් ඔබ වහන්සේ පමණි .
තමන් කල හරි වැරැද්ද තෝරා ගන්න බැරිව මෙවැනි ප්‍රකාශ නිකුත් කරන්නේ අසන්නන් මෝඩයෝ කියල හිතාගෙනද?
තෙරුවන් සරණයි හිමියනි ,ඔබ වහන්ස්සේට ඇහුන්කන් නොදීම වීපාක ඇස්පනාපිට.
අපේ හාමුදුරුවනේ... නැවතුණු තැනින් වැඩ පටන්ගමු. අපි ඔබවහන්සේ සමගයි.
අපේ හිතවත් මුස්ලිම්වරුනුත් කියන්නේ ඔබ වහන්සේ පෙන්වා දුන් අන්තවාදයට ඇහුන්කන් දුන්නා නම් සෑම මුස්ලිම් වරයෙක් දෙසම සැකයෙන් නොබලන බවයි.
''හිර දඬුවම ලැබුනේ 'අධිකරණයට අපහාස කිරීම' කියන චෝදනාවට" එ්ක කරන්නත් පුළුවන් කීයෙන් කීදෙනාටද?
බමුණුආරච්චි උන්නැහේ මේ කොළමේ ඉඩහසර නිකරුනේ නාස්තිකරනවා. අම්මපා මේ යකා සිංහල බෞද්ධ සන්නියෙන් ඔලුව අබිලික් ගහපු අයෙක්ද කියලා හිතෙනවා!!
මාස 8ම හොඳ සැපපිට බන්ධනාගාර රෝහලේ ගතකරගෙන නීතිය නවාගෙන එළියට ආපු මොහු හිතනවා ඇති මමත් නෙල්සන් මැන්ඩෙලා කෙනෙක් කියලා...