
(යොහාන් භාසුර)
මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශයට එරෙහිව පැවැති දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා පිල අද (03) පෙරවරුවේ ලකුණු 209 කින් ජය ලැබීමට සමත් විය.
මෙය ශ්‍රී ලංකාව මාස 15 කට පසුව ලැබූ ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණය වේ. ශ්‍රී ලංකා පිල අවසන් වරට පසුගිය වසරේ (2020) ජනවාරි මස සිම්බාබ්වේට එරෙහිව හරාරේහිදී ටෙස්ට් තරගයක් ජය ලබා සිටියේය.
ශ්‍රී ලංකා පිල එම ජයග්‍රහණයත් සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1 - 0 කින් ද ජය ලැබීය.
දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 437 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ දෙවැනි ඉනිම ලකුණු 227 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අද පෙරවරුවේ සමත් වූහ.
ප්‍රවීන් ජයවික්‍රම සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ලකුණු 178 කට කඩුලු 11 ක් දවාගනිමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න තරගාවලියේ වීරයා ලෙස සම්මාන හිමිකරගත්තේය.
ශ්‍රී ලංකා පිල පළමු ඉනිම කඩුලු 7 ට 493
(ළහිරු තිරිමාන්න 140, දිමුත් කරුණාරත්න 118, ඕෂද ප්‍රනාන්දු 81, නිරෝෂන් දික්වැල්ල නොදැවී 77, ටක්සින් අහ්මඩ් 127/4)
බංග්ලාදේශ පිල පළමු ඉනිම සියලු දෙනා දැවී 252
(තමීම් ඉල්බාල් 92, ප්‍රවීන් ජයවික්‍රම 92/6)
ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම කඩුලු 9 ට 194
(දිමුත් කරුණාරත්න 66, තයිජුල් ස්ලාම් 72/5)
බංග්ලාදේශ පිල දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 227
(රමේෂ් මෙන්ඩිස් 104/4, ප්‍රවීන් ජයවික්‍රම 86/5)
(ඡායාරූප: ප්‍රංශ පුවත් සේවය)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා ශ්‍රී ලංකා
ප්‍රවීණයන්ටත් තරඟයක් දිනන අකාරය පෙන්වාදුන් නවකයා ප්‍රවීන් ජයවික්‍රම ගැන බලාපොරොත්තු තබාගන්නට පුලුවන්වගෙයි. ඒ උනාට මේ කොරෝනා වින්නැහිය අස්සේ සැණකෙළි පවත්වීමනම් "කරදර අස්සේ බරකරත්ත" වගේ වැඩක් තමා. මතකනේ ජයටම අවුරුදු කෑ එකෙන් උන දේ?