
(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමෙන් වූ හානිය සියසින් දැක බලා ගැනීමට මාධ්‍යයට අස ඉඩකඩ විවර විය.
අග්‍රාමාත්‍යවරයාගේ නිවස අසලට විරෝධය දැක්වීම සඳහා ඊයේ පස්වරු 4ට පමණ පිරිසක් පැමිණ ඇති අතර එම පිරිස පොලිස් මාර්ග බාදක කඩාගෙන එන්නට උත්සාහ කරන විට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර යොදා පිරිස විසුරුවා හැර තිබේ.
මද වේලාවකින් පිරිස නැවත එකතු වී අසල තිබූ පොලිස් ට්‍රක් රථයක් තල්ලු කොට මාර්ග බාධක වැටේ හප්පා එම වැට බිඳ දමා ඇතැයි කියති.
පැමිණි පිරිස පාලනය කර ගැනීමට තරම් පොලිස් සහ හමුදා බලඇණියක් එම අවස්ථාවේ එහි සිට නැති අතර කලහකාරීන් අග්‍රාමාත්‍යවරයාගේ නිවසේ තාප්පයෙන් පැන නිවසට ඇතුළු වී තිබේ.
කලහකාරීන් අග්‍රාමාත්‍යවරයාගේ නිවස ආසන්නයට පැමිණෙන විටම රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ආරක්ෂිත ස්ථානයකට පිටත් කොට යැවූ බව අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශය සඳහන් කරයි.
නිවසට ඇතුළු වූ කලහකාරීන් අග්‍රාමාත්‍යවරයාගේ නිවසේ තිබූ වටිනා කියන භාණ්ඩ සියල්ලක්ම සොරාගෙන ගොස් ඇතැයි ද අනතුරුව යම් දහනශීලී ද්‍රව්‍යයක් යොදා ගිනි තබා ඇතැයි ද ආරක්ෂක අංශය සඳහන් කරයි.නිවසට ගිනි තැබීමෙන් අග්‍රාමාත්‍යවරයාගේ නිල රථයට ද දැඩි හානි සිදුවී ඇති අයුරු දැකගත හැකි විය.
මෙම කලහාකාරී ක්‍රියා සිදු සිදුවන අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයාගේ නිවස ආසන්න මාර්ගයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ නැගණියක ද සිටි බව ඒ අසල සිටි පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
ආග්‍රමාත්‍ය ආරක්ෂක අංශයේ නිලධාරියෙක් පැවසූයේ නිවසේ කිසි දෙයක් ඉතිරි වී නැති බවත් සියල්ල දැලි අඟුරු බවට පත්වී ඇති බවත්ය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ගිනි තැබුණු නිවසින් අද දහවල් වන විටත් දුම්රොටු විහිදෙමින් තිබිණි.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ,සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහත්වරු ද හානිය දැක බලා ගැනීමට අද උදේ එහි පැමිණියහ.අසල්වාසීහු ද එහි රැස් වී සිටියහ.
(ශාන්ත රත්නායක සහ හිමත් මතීෂ)





(බිමල් ශ්‍යාමන් ජයසිංහ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවසක් තැනීම යනු වර්තමානයේ මිනිසකුට සිහිනයකි. මිලමුදල් සොයාගැනීම, අමුද්‍රව්‍ය මිලටගැනීම, බාස් කුලිය, තීන්ත, ගෘහ භාණ්ඩ මිලට ගැනීම , මා ණයක් ලබාගෙන නිවස සෑදුවද තවමත් ගෘහ භාණ්ඩ මිලට ගැනීමට නොහැකි විය. ඒවා අමුණන ලද ඒවාය. මෙවන් දේපලක් අළු කර දැමීමට හොද සිහියෙන් සිටින අයකුට නොහැකි සේම, නිවසක් සෑදූ කෙනෙකුටද එය සිදුකල නොහැකිය. පසුගිය සමයේ නිවාස ගිණිතැබූ අයුරු අප දුටුවෙමු. මේ ගිණිවලින් අප මුළු රටම ගිනිගන්නා තුරු නායකයන්, නීතිය නිදාසිටී. රට කොහේට යනු ඇතිද? ම්ලේචයන්ගේ යුගය එළඹී ඇත.
දැවී ගිය අගමැති නිවෙස පමණක් නොව එතුමාගේ සහ බිරිදගේ library යේ තිබු සියලු දුර්ලබ පොත්, පුද්ගලික දේපල ගිනිබත් කරනලද පුද්ගලයන්, ඔවුන්ව උනන්දු කල පුද්ගලයන් කවුරුන් උවද ස්යල්ලන්හට නිසි දඩුවම් ලබාදිය යුතුවේ. එතුමාට සහ බිරිදට හානියක් නොවන අයුරින් ආරක්ෂිත ස්ථානයකට පිටත් කොට ඔවුන්ගේ ජිවිත ආරක්ෂා කිරීම අගයකලයුටුවෙමු
බල්ලො එක්ක ලගින්න ගිහිව් මැක්කො එක්ක නැගිටින්න වුණේ සකල සේසතත් නැති කරගෙන...
මා ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති අතර පදිංචියද පිටරටකය, ඒත් පසුගිය කාලය පුරාම සිදුවන දේ දුටුමි, හැමකෙනාම අගමැතිකමේ අභියෝගය මගහරිනවිට රනිල් වික්‍රමසිංහ එය භාරගෙන යම් වැඩපිළිවලකට යන අයුරු දුටුමි. මොන දේශපාලන මතවාද දැරුවද කමිනැති එෙහත් මෙවැනි පහත් නින්දිත ක්‍රියාකාරකමි අනුමත නොකරමි. මෙවැනි අමනෝඥ ක්‍රියාකාරකම් නිසා සමස්ථ ක්‍රියාවලියේම ඇති අරමුණු වෙනස්වනු ඇත.
මේ අපරාධය කළ වුන්ට සාපවේවා!
මේ ගෙදර මෙච්චරම ගිනිගන්න පෙට්‍රල්වලින් නම් බැහැ. අනිවාර්යයෙන් මේකට සැලසුම් සහගත සම්බනධයක් තියෙනවා. අපේ කොල්ලන්ව කොටු කරන්න තවත් ගේම් ගහන්න එපා. දෙවියන් විනිශ්චය පටන් අරන් තියෙන්නේ කියලා දැන්වත් පිළිගන්න.
ගෙදර බඩුත් අරන් යනකල් ආරක්ෂක අංශවල කට්ටිය ඕමි බැලුවද දන්නේ නැහැනේ...? ගිනි ඇවිලෙන සුළු දෙයක්... එහෙනම් කොහෙන්ද බඩු එන්න ඇත්තේ කියලා අපට නම් තේරෙනවා.
මෙම නින්දිත ක්‍රියාවට සම්බන්ධ වූ සැම සතුටු වන්න. එය ඔහුගේ මාපිය උරුමයයි
පොලිසියයි, STF එකයි කෙළින්ම වැඩේට හවුල්...
අරගලය තුළ සිටිනුයේ මෙවන් පීඩිත අමන රැලකි. ඔවුන් තව තවත් ගිනිතබා වනසනු ඇත.
අලි සබ්‍රි මහතා පාර්ලිමෙන්තුවේදී ඇසූ පැනය යලි සිහිපත් වුණි: "මේ බුදුන් වැඩම කළ දේශයද?"
කව්රු කළත් මේවා හෙණ හත ගහන වැඩ. මෙවන් වැඩ කරන මිනිසුන්ද රටේ පාලනයට එන්නේ.අරගලය හොඳ වුවත්, ඒකට කොල්ලා බල්ලා වැදගත් කෙනා,නොවැදගත් කෙනා, උගතා, නුගතා, කුඩ්ඩා, පාතාලයා,තක්කඩියා, මැරයා ආදී හැමෝම රිංගාගෙන.එතකොට කිසි පාලනයක් නැහැ. මේ වගේ දේවල් සිදුවීම වලක්වන්නට බැහැ.ඒ වගේම අර මාධ්‍යයට පහරදුන් හාදයන් හා තවත් වගකිවයුතු අය මේ දේවල් සිදුවෙනකන් බලා සිටියා.මිනිසුන්ට ගහන වතුර ඇයි ගින්න නිවීමට බාධා නොකළේ.අගමැති වරයා තනි මන්ත්‍රී ආසනයක් ඇති කෙනෙක්.රටේ ආරක්ෂාව බාරව සිටි අය මේ දේවල් වලට වගකිව යුතුයි. ඇයි ගිනි තබන වෙලාවේ විදුලිය විසන්ධි උනේ. අගමැති ආරක්ෂාව බාර අධ්‍යක්ෂ ගින්න නිවා දැමීමට පියවර නොගත්තේ ඇයි. පුස්තකාලයක් කවදාවත් ඉස්කෝලයක් ළඟින් ගිය කෙනෙක් හෝ ගිනි තියන්නේ නැහැ. මෙය පිටුපස වෙනත් කුමන්ත්‍රණයක් ඇතැයි සිතිය හැකියි.