
(විමුක්ති එස් රුද්‍රිගු)
ආම් ආද්මි පක්ෂයේ නායක දිල්ලි ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල්ට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එළඹෙන ජූනි 1 වැනිදා තෙක් අතුරු ඇප නියම කරනු ලැබ තිබේ.ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියරද එළඹෙන 1 වැනිදා ආරම්භ වේ.
සුරාබදු වංචාවක් සම්බන්ධයෙන් අරවින්ද් කෙජ්රිවාල්ව චෝදනා එල්ල වීම හේතුවෙන් ඔහුව පසුගිය මාර්තු 21 වැනිදා ඉන්දීය වංචා විමර්ශන ඒකකය විසින් අත් අඩංගුවට ගනු ලැබුවේය.එම දිනයෙන් ඔබ්බට සහන දීර්ඝ කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් ලබන සතියේ විභාගයට ගන්නා බව ද අධිකරණය ප්‍රකාශ කළේය.
කෙජ්රිවාල්ගේ නීතීඥ කණ්ඩායම අරවින්ද් කෙජ්රිවාල්ට එළඹෙන ජූලි මාසය තෙක් අතුරු ඇපයක් ලබා දෙන ලෙස ඉල්ලමින් පෙත්සම ගොනු කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ඇමැතිට ඇප නෑ.