(තිලකරත්න දිසානායක)
පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ , දාරළුව ප්‍රදේශයේ තිබූ " පඩු කරද " ගස අද (10) සවස කපා ඉවත් කොට ඇති බව දාරළුව ප්‍රදේශවාසීහු පවසති.
බැකෝ යන්ත්‍රයක් ඇතුලු වාහන කිහිපයක් සහ පිරිසක් පැමිණ ගස කපා ඉවත් කළ බව ඔවුහු පැවසූහ.
පඬු කරද ශාඛය ඉතා දුර්ලභ ගණයේ ශාකයක් බවට පසුගිය කාලයේදී කතා බහට ලක් වූ අතර මෙම ශාඛය , ගම්පහ උද්භිද උද්‍යානය ඇතුලු ස්ථාන කිහිපයක ඇති බවට ප්‍රකාශ වූ අතර දාරළුව ප්‍රදේශයේ ගස ඉවත් නොකළහොත් අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී අමතරව අධික මුදලක් වැය කිරීමට සිදුවන බවද සදහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු දෙයක් ... දැන් වැඩක් කරන්න පුළුවන් ...
කෝ මේ දේවානි අක්කා?
බාර් අරින්න බෝ ගස් කපපු රටේ මං බැලුවා මොකද මේ ගහ තවම තියෙන්නේ කියලා...අපේ අර හිරේ ඉන්න ඕනේ පගා ගොයියගේ ගෝල රොත්ත වෙන්නැති
පාරවල් බාධාවන අයුරින් තියෙන බෝ ගසුත් ඉවත්කර මාර්ග සංවර්ධනය කරන්න. නුවර පාරේ රම්මුතුගල බෝ ගහට පාරේ එක පැත්තක්ම යටවෙලා... හරිම බාධකයක්...
නියමයි කරපු වැඩේ
වැඩේ නියමයි. දැන් පාර හැදිල්ල ඉක්මන් කරන්න. පඬුකරඬු ගහ සුමානෙකින් මිනිස්සුන්ට අමතකයි.