මේ ගෙවීයන සමය දරුවන්ව ඇහේ තබාගෙන හැදිය යුතු රැකිය යුතු කාලයකි. මන්ද හදිසි අනතුරු ගතහොත් ඒවා බොහොමයකටම දරුවන් ගොදුරුව සිටී. මවුපිය ආදරය, රැකවරණය මත දරුවාගේ ආරක්ෂාව සුරක්ෂිතය. ඒත් යම් දරුවකු ඉන් මිදුණහොත් අනතුරකට මුහුණ පෑමට ඇති හැකියාව වැඩිය.
දරුවකුට තමන් ජීවත් වන වටපිටාව,සමාජය ගැන තවම නිසි අවබෝධයක් නොමැත. ඒත් මවුපිය මඟ පෙන්වීම යටතේ ඔවුහු එය දැන ගනිති. එතෙක් දරුවන්ට සවිය ,රැකවරණය නිබඳවම ලබා දිය යුත්තෙමු.
දරුවාගේ ආරක්ෂාව අනාරක්ෂිත වන තැන් කිහිපයක්ම නාගරික සමාජයේදී බහුලව දැකිය හැකියි. එනම් ඇතැම් මවුපියෝ තම දරුවාව වාහනයේ තනිවම තබා තමන්ගේ අනෙකුත් අවශ්‍යතා සඳහා පිටත්ව යති. තම පුද්ගලික රථය වුවත් එහි දරුවා හුදෙකලා වීමම ජීවිතයට අනතුරකි.
මෙසේ තනිවූ දරුවන් ස්වසන අපහසුතා මතු වී මිය යන අවස්ථා බොහොමයක්ම වාර්තා වී ඇත. තවද මෙවැනි අවස්ථා ළමයින් හොරකම් කරනා ජාවාරම්කරුවන්ට අවස්තා තනා දීමකි. එබැවින් දරුවන් කිසිඳු අවස්ථාවක හුදෙකලාව තබනවා වෙනුවට තම ගමනට සහභාගී කර ගන්නේ නම් ඉදිරියට විය හැකිව තිබූ අනතුරක් වලක්වා ගැනීමක්ද වේ. එසේම දරුවා සමඟ දවසේ වැඩි කාලයක් ගත කිරීම තුළින් දරුවන් හා මවුපියන් අතර බැඳීමද ශක්තිමත් කර ගැනීමට හැකිවනු ඇත.
කුඩා දරුවකු මවුපිය භාරකාරත්වයෙන් මිදී වෙනතු පාර්හ්වයක් හරහා පාසල් ගමන සිදු කරනා විටද මවුපිය භාරකරුගේ නම, ලිපිනය, දුරකතන අංකය ආදිය සටහන් කර කුඩා සටහනක් දරුවාගේ බෑගය තුළ රැඳවිය හැකිනම් හදිසි අවස්ථාවකදී දරුවා තවත් අසරණ නොවනු ඇත.
එවැනි සටහනක් ඇති බවට දරුවාව දැනුම්වත් කර තිබීමද අත්‍යවශ්‍ය වේ. අනතුරු පෙර නිමිති පෙන්වමින් සිදු නොවන අතර එය ඕනෑම අවස්ථාවකදී විය හැකියි. එනිසා අවදානමට පෙර සූදානම උදෙසා දරුවාගේ ආරක්ෂාව සුරක්ෂිත කරවනු වස් ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම නොපමාව ගත යුතුය.
-සටහන- මාධවී ධර්මරත්න
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
දරුවන්ව අනතුරුවලින් මුදවමු