
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලංකා ගමනාගමන මණ්ඩලය ජනවාරි මාසය සඳහා නිකුත් කෙරුණු වාර ප්‍රවේශ පත්‍ර හිටිහැටියේම අවලංගු කිරීමෙන් පාසල් දරුවන් දුෂ්කරතාවයට පත්ව සිටින හෙයින් වහාම එම තීරණය වෙනස් කරන්නැයි අදාල බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
විපක්‍ෂනායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
දරුවන්ගේ ජනවාරි වාර ප්‍රවේශ පත්‍ර අහෝසි කිරීමට ලංගම සාමාන්‍යාධිකාරීවරයා ඩිපෝ අධිකාරිවරුන්ට ලිපි යවා ඇතැයි පැවසූ විපක්ෂ නායකවරයා වාර ප්‍රවේශපත්‍ර සති අන්තයේ පාවිච්චි කිරීමද තහනම් කර ඇතැයි ප්‍රකාශ කළේය.
පාසල් නොපැවැත්වුණද සති අන්ත පෞද්ගලික පන්ති පැවැත්වෙන හෙයින් දරුවන්ට ඒවාට සහභාගිවීමට සිදුවන බවත් අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන හෙයින් දරුවන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම රජයේ වගකීමක් බවත් ඔහු කීවේය.
අවලංගු කරන ලද වාර ප්‍රවේශපත්‍ර නැවතත් වලංගුභාවයට පත් කරන්නැයි ඉල්ලීමක් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අවස්ථාවාදී මෝඩ විපක්ෂ නායකයෙක් ලොවෙත් නෑ. ළමුන්ට ලංගම සීසන් දෙන්නේ ඉස්කොලේ යන්න මිසක් ටියුෂන් පන්ති යන්න නෙවෙයි. ඒ සරල කාරණයවත් නොතේරෙන කෙනෙකුට රටේ නායකත්වය ලැබුණොත් ඉතින් දෙයියන්ගේම පිහිටයි.
මැක්ස් හරි. ඔය සීසන් එක දෙන්නේ ස්කෝලේ විදුහල්පති නිර්දේශයෙන්. ටියුෂන් පන්ති යන්න නෙවෙයි. ස්කෝලෙ යන්න. ජනවාරි මාසේ පාසල් නිවාඩුයි. විභාගයට යන අයට විතරයි දෙන්න පුළුවන්. ඉස්සර සෙනසුරාදා ඉරිදා කපලා තමයි දුන්නේ... මේ ක්‍රමය වෙනස් කරන්න නම් සීසන් දෙන එකේ නිර්දේශය පාසලින් ඉවත් කරලා වැඩිහිටි සීසන් දෙනවා වගේ ක්‍රමයක් හදන්න ඕනෑ. සුපුන් නීතිය දැනගෙන කතාකළා නම් හොඳයි.