ක.ග කරුණාරත්න
පොලොන්නරුව, ගිරිතලේ, සරණසිරිගම ප්‍රදේශයේ පදිංචි මවක් සිය දරුවන් තිදෙනාට වස පොවා තමන් ද වස පානය කර ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.
දරුවන් තිදෙනාගෙන් සිව් හැවිරිදි දැරියක ජයන්තිපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගිය බව රෝහල් ප්‍රකාශකයකු කීය.
අසාධ්‍ය තත්වයෙන් පසුවන මව සහ දරුවන් දෙදෙනා වැඩිපුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මින්නේරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්දෝ කියනවා ඇහුණා දැන් පොලොන්නරුව හරිම ස්වයංපෝෂිතයි කියලා. වහ බොන්න නම් කිසිම හේතුවක් නැහැ...
අයියෝ සිරිසේන...
මොනතරම් අවාසනාවක්ද? රටේ විෂාදය වැනි මානසික රෝගවලට ජීවන රටාවෙන් විසඳුමක් දෙන ක්‍රමයක් ඇති නොකරන එක... මේ අයගේ ජීවිත මොනතරම් වටිනවද? ලංකාවේ විෂාදය වෙනුවෙන් බෙහෙත් පොවන්නේ නැතිව අතීත ලස්සන ජීවන රටාව ඇති කළ යුතුයි.