(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කාන්තාවන් සහ ළමුන්ගෙන් විසි අට ලක්ෂයක් පෝෂණ ඌනතාවයෙන් පෙළෙන බව යුනිසෙෆ් සංවිධානය පවසා ඇතැයි සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත  කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

තව දින 201ක් ඇතුලත ආණ්ඩුවේ ඉරණම ජනතා අධිකරණය හමුවේ විසඳෙනු ඇතැයිද කරුණාතිලක මහතා කීය.

"මේ අවුරුද්දේ පළවෙනිදා ජනතාව ඇහැරෙන කොටම වැට් බද්ද ජනතාවගේ බඩට තට්ටු කරන්නට පටන් ගත්තා.මේ බදු ගහන්නේ ආර්ථික පීඩනයෙන් මිරිකුණු ජනතාවටයි.

රෝගයක් උත්සන්න වන තුරු ජනතාව අද බෙහෙත් ගන්නේ නැහැ.ඉස්සර උණකට හෙම්බිරිසාවකට බෙහෙත් ගත්ත අය අද නිවුමෝනියාව එනතුරු බෙහෙත් නොගෙන කල් මරමින් සිටිනවා" යැයි ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.