
පුෂ්පකුමාර මල්ලවආරච්චි
ඖෂධ හිඟය හේතුවෙන් තම දරුවා ට ඖෂධ ලබා දීමට නොහැකි වීම හේතුවෙන් වත්මන් පාලනයට එරෙහිව මුහුණු පොතේ සටහනක් තැබූ බව කියන අඹුසැමි යුවළකට එල්ලවූ මැර ප්‍රහාරයක් හේතුවෙන් එම අඹුසැමි යුවළ රෝහල්ගත කර ඇති බව කිරිඳිවැල පොලිසිය පවසයි.
මෙසේ පහරකෑමට ලක්ව රෝහල් ගත කර ඇත්තේ කිරිඳිවැල මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකි.
පහරකෑමට ලක් වූ අඹුසැමි යුවළ සිය දරුවාට ඖෂධ ලබා ගැනීම සඳහා නගරයට ගොස් නැවත නිවසට පැමිණි අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාගේ බාල සහෝදරයා සහ තවත් පුද්ගලයකු අඹුසැමි යුවළ ගේ නිවසට පැමිණ මෙසේ පහරදුන් බව ට පහරකෑමට ලක් වූ අඹුසැමි යුවළ පැමිණිලි කර ඇති බව කිරිඳිවැල පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන අනාථයින් සදාකාලිකවම දේශපාලනයෙන් ඉවත්වීමට සිදුවන බව පෙනී වියරු වැටී ඇත. පොහොට්ටු අයට ඇත්ත තිත්තයි කියලා කියමනක් හැදිලා කියලා පේනවා..!
කරුණාකර නීතිය ක්‍රියාත්මක කර නිසි දඬුවම් පමුණුවන්න. මගේ බබාටත් ළඟදී දොස්තර ළඟට ගියාම බෙහෙත් නෑ කිව්වා.
ජනතාවගේ පීඩනයට මෙන්න විසඳුම්...!
මේවා උඩින් බැලුවාම පේන දේමද දන්නේ නෑ සත්‍ය..?.
කිරිඳිවැල අවට සහෝදරවරුනි, මේ ඔබේ අවදානය පිණිසයි..
මේ ජරා වැඩේ කරපු පාහරයින් වහාම අත්අඩංගුවට ගන්න. වාසි තකා තවම කඩේ යන නරුමයෙක්...
මෙය කොතරම් දුරට සත්‍යක් දැයි සොයාබලන්න.