(ටී.කේ.ජී.කපිල )
දැනට එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකික මවකගේ සහ ඇයගේ පුතාගේ තොරතුරු අනුසාරයෙන් ව්‍යාජ ලියකියවිලි සකස් කර වෙනත් කාන්තාවක යොදා ගෙන 17 හැවිරිදි පිරිමි දරුවෙකු එරටට රැගෙන යාමට ගත් උත්සාහයක් ව්‍යයර්ථ කර මෙම ජාවාරමට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මුලතිව් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් , පිරිමි දරුවෙකු ද සමග ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරන ගුවන් යානයෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
සිය ගුවන් සේවා නිශ්කාශන කටයුතු සිදු කර ගැනීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවා කවුළුව වෙත පැමිණ සිටියදී , එම ගුවන් සේවා නිලධාරිනියන්ට මෙම ලියකියවිලි පිළිබඳව ඇති වූ සැකය මත මොවුන් දෙදෙනා ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .
එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම් වල දී මෙම ලියකියවිලි කූඨ ලෙස සකස් කළ ඒවා බව තහවුරු වී තිබේ .
ඉන්පසුව මෙම පිරිමි දරුවා පසෙකට රැගෙන ගොස් මේ පිළිබඳව විමසීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබූ අතර , එහිදී මෙම දරුවා මේ පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කර ඇති අතර , ඔහුගේ සත්‍ය මව මේ වනවිටත් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ රැදී සිටින බව ද මෙම නිලධාරීන් හමුවේ පවසා තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ, ඒ ළමයාගේ අනාගතේ හොඳ වෙන්න ගිය එකත් ඉවරයි...!
ඔය මොනවා කරත් වැඩක් නෑ .හරි කෙනාට ගාන දුන්නානම් කටුනායකින් හඳට යන්න පුළුවන්
අපරාදේ කොල්ලට යන්න පුලුවන් උනානම් මරු...