(ඉන්දිකා රාමනායක)
පොල්ගහවෙල උඩපොල ප්‍රදේශයේ ඇළක අලියකු නාවන අයුරු ඉවුරේ සිට බලා සිටී 08 හැවිරිදි දරුවකු ඔසවා ඇළට විසිකර තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උඩපොළ ග්‍රාම නිලධාරිවරයා අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුගේ එම ක්‍රියාවෙන් දරුවා අස්ථි බිඳීමකට ලක්වීමෙන් රෝහල් ගත කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.
මෙම දරුවා ඇළ ඉවුරේ සිට අලියා නාවන අයුරු බලා සිටියදී එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි සැකකරු දරුවා ඔසවා අලියා සිටින ස්ථානයට විසිකර ඇති බව ද පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ මාපියන් පොලීසියට කරන ලද පැමිණිල්ලට අනුව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු (54) හැවිරිදි පුද්ගලයකු බවත් ඔහු බීමතින් සිට ඇති බවත් පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
439
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දරුවකු ඇළට විසි කළ ග්‍රාමයාට වැඩ වරදි
අප්පුහාමි Thursday, 18 August 2022 07:52 AM
අදාල ප්‍රාදේශීය ලේකම් විසින් දිසාපතිට (දිස්ත්‍රික් ලේකම් ) දන්වා ආයතන සංග්‍රහයේ රෙගුලාසි අනුව දඩුවම් කලයුතුය එය දණ්ඩනීති සංග්‍රහයේ රෙගුලාසි වලට අමතරව කරන්න ඕන ග්‍රාමයා (ගමයා) කරල තියෙන්නෙ සේවයෙන් පහකල හැකි වරදක් වෙනවා
sharm warn Thursday, 18 August 2022 10:19 AM
සුපිරි ග්‍රාමසේවකයෙක්... අර හොඳ වැඩකරන ග්‍රාමනිලධාරි මහත්ම මහත්මීන්ගේ නමත් කැත කරනවා.
pakeer Thursday, 18 August 2022 11:16 AM
රජකාලෙ ඳඩුවම් දෙන්න ඔනෙ.. අලියෙක්ට කියල පාගවන්න ඕනෙ
ganegoda Thursday, 18 August 2022 12:03 PM
අයි මේවගේ අයට මුලු ගමම එකතු වෙලා , අත පය කොන්ද කැඩෙන්න ගහන්නෙ නැත්තෙ .